ඝාතනය කළ අටලුගම ෆාතිමා අයේෂා දැරිය දියේ ගිල්වා ඝාතනය කර ඇති බවත් ඇය අතවරයකට ලක් වී නැති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වී තිබේ.
බණ්ඩාරගම අටුළුගම නව හැවිරිදි ෆාතිමා අයේශා දැරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් සිටි 29 හැවිරිදි කොත්තු බාස් කෙනෙක් අත්අඩංගුට ගෙන තිබිණි.
මෙම තැනැත්තා දැරියගේ පියා සමග එකට එක්ව අයිස් මත් ද්‍රව්‍ය භාවිතයට හුරු වූ පුද්ගලයෙකි. මේ පුද්ගලයා බණ්ඩාරගම, අටුළුගම මුස්ලිම් කොලනිය ප්‍රදේශයේ පදිංචි වී සිටි අයෙකි.
වාර්තාවන පරිදි ඝාතනයට ලක්වූ දැරිය කුකුල්මස් වෙළද සැලට ගොස් සිටියදී සැකකරුද අයිස් මත්ද්‍රව්‍ය පානය කොට එහි සිට ඇත. දැරියට පෙර සැකකරු වෙළද සැලෙන් පිටවී දැරිය එන මග අතුරු පාරක සිට ඇත.
ඇය එතැනින් යන විට මෙම පුද්ගලයා ඇයට කතා කර තිබේ. සිය පියා සමග නිතර සිය නිවසට යන එන හොඳින් දන්නා හඳුනන මේ වැඩිහිටියා කතා කළ පසු දැරිය එම ස්ථානයට ගොස් ඇත.
මේ අවස්ථාවේ දී ප්‍රදේශවාසී කාන්තාවක් ඇයව දැක කුමක් නිසා එතැන රැඳී සිටින්නේදැයි විමසූ විට දැරිය පවසා ඇත්තේ සිය සීයා එන තුරු සිටින බවය. ඊට නුදුරින් මෙම සැකකාර ඝාතකයා සිට ඇත. මෙම පුද්ගලයා අත්අඩංගුවට ගන්නේ මෙම කාන්තාව ලබා දුන් තොරතුරු මතය.
එහිදී සැකකාර ඝාතකයා පොලිසියට පවසා ඇත්තේ කාන්තාව එතැනින් පිටව ගිය අවස්ථාවේ ඔහු මේ දැරියගේ අතින් ඇදගෙන ලඳු කැලෑවට යන්නට උත්සාහ කළ බවය.
එහිදී දැරිය බියවී කෑ ගසා ඇති නිසා ඔහු ඇයගේ මුව වසා ඇත. එහිදී දැරිය මරබියෙන් දඟලන්නට වූ නිසා දැරියගේ මුව වසා මීටර් කීපයක් ඉදිරියට ඇදගෙන ගොස් ප්‍රාණය නිරුද්ධවනතුර මඩේ ඔබාගෙන සිටි බවත්, ගිලී ගිය දැරියගේ පිටට සිය දණහිස තබාගෙන තද කරගෙන සිට ඇති බවත් පොලිස් විමර්ශනවලදී හෙළි වී .තිබේ.
අපරාධ විමර්ශන අංහ වැඩිදුර විමර්ශන පවත්වයි.