සියලුම ප්‍රශ්න ඇති වූයේ මාධ්‍ය විසින් සිදුකරන ලද වැරදි වාර්තාකරණය නිසා බවත් තමන් දිවි හිමියෙන් සමගි ජන බලවේගය සමග රැඳී සිටින අතර පක්ෂය අත් නොහරින බවත් රාජිත සේනාරත්න සමගි ජන බලවේගයේ විනය කමිටුවක් හමුවේ ප්‍රකාශ කර තිබේ.
ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් කිසිම අවස්ථාවක පොහොට්ටුවේ සෞඛ්‍ය ඇමතිකම භාර ගන්නේ යැයි කියා නැති බවය.
“අපේ ආණ්ඩුවක්” තුළ සෞඛ්‍ය ඇමතිකම දරන බවට තමන් කළ ප්‍රකාශය මාධ්‍ය විසින් වැරදියට වාර්තා කර ඇතැයි ද රාජිත සේනාරත්න කමිටුව හමුවේ පවසා ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් රාජිත සේනාරත්න සම්බන්ධව පැන නැගී ඇති තත්ත්වය ගැන විමර්ශනය සඳහා පත් කරන ලද තිස්ස අත්තනායක, රන්ජිත් මද්දුමබණ්ඩාර, ලක්ෂ්මන් කිරිඇල්ල සහ කබීර් හෂීම් යන ජ්‍යෙෂ්ඨයින් වෙත ඔහු වැඩිදුරත් දන්වා ඇත්තේ තමන් සම්බන්ධව පළවූ සියලු දේ වැරදි බවය., තමන් කිසිසේත්ම සමගි ජන බලවේගය අත්හැර නොයන බවය. ඒ ගැන ලිඛිතව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කිරීමට සූදානම් බවත්ය.
මේ සම්බන්ධව ලංකාසර කළ විමසීමකදී පක්ෂ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මෙසේ කීවේය.
“ නායකතුමාට දිගින් දිගටම පක්ෂය අභ්‍යන්තරයෙන් හා බාහිරින් රාජිත සේනාරත්නගේ මේ විවිධ ප්‍රකාශ සම්බන්ධව පැමිණිලි ලැබෙන්න ගත්තට පස්සේ මා ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨයින් තිදෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කළා මේ සම්බන්ධව රාජිත හම්බවෙලා ඔහුගෙන් විමසීමක් කරන්න.”
“මා සමග රන්ජිත් මද්දුමබණ්ඩාර, ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම් එම කමිටුවෙ හිටියා. “
“රාජිතව අපි මුණගැසුනා. අපි රාජිත එක්ක කතා කරළා ඇහුවා මොකද උනේ කියලා. රාජිත මුලින්ම කිව්වේ මීඩියාවල පලවන ගොඩාක් කතා සම්පූර්ණ කතා නෙමෙයි කියලා. “
“ අප රාජිතගෙන් ඇහුවා මොකක් ද ඔබ කිව්වෙ කියලා. පක්ෂයෙන් යන කතාව ගැන විමසුවා. එතකොට රාජිත කිව්වා ඇත්තටම මෙහෙම දෙයක් නෙමෙයි කිව්වෙ. මම කිව්ව කතාව මාධ්‍ය වාර්තා කළේ කෑලි අඩුවෙන්. අපි පක්ෂයක් හැටියට එකතුවෙලා යනවා නම් මම එතන ඉන්නවා. නැතිව මම තනියම කීයටවත් ආණ්ඩුවට එකතු වෙනවා කියලා නෑ. තනියම කොහෙවත් යන්නෙ නෑ. දිගටම සජබ එක්ක වැඩ කරනවා කියලා.”
“ ඔහු කිව්වෙ මෙහෙම – සෞඛ්‍ය ඇමතිකම භාර ගන්නවාද කියලා ඇහුවම මම කිව්වේ පොහොට්ටුවෙ සෞඛ්‍ය ඇමතිකම භාරගන්නවා කියලා නෙමෙයි. අපේ ආණ්ඩුවක සෞඛ්‍ය ඇමතිකම භාරගන්නවා කියලා – “
“අපි කිව්වා එහෙමනම් සමගි ජන බලවේගයෙන් යන්නෙ නෑ , මාධ්‍ය වාර්තා කිරීම් හරහා විකෘතියක් වෙලා කියලා ඔබ කි කතාව ලිඛිත නිවේදනයක් ඔස්සේ දන්වන ලෙස.”
“රාජිත එකඟවුනා සිලු කථා ප්‍රතික්ෂේප කරලා සමගි ජන බලවේගයෙන් කිසි විටෙක ඉවත් නොවන බව දන්වා ලිඛිත නිවේදනයක් නිකුත් කරන්න. “
සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පැහැදිලි කළේය.







