ඉදිරිපත් වී ඇති නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට පොදුවේ එකඟ විය නොහැකි තැන් පවතින බව ජනාධිපති නීතිඥ විදේශ ඇමති අලි සබ්රි පවසයි.
දෙරණ 360 වැඩසටහනට එක් වෙමින් අමාත්‍යවරයා කියෙන්නේ තමන් මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයේ දී ද සාකච්ඡා කළ බවය.
“ පළවෙනි දේ තමයි මම එකඟ වෙන්නේ නෑ ඩී.අයි.ජී. කෙනෙකුට රැඳවුම් නියෝග නිකුත් කිරීමේ අවස්ථාවට… ඒක දෙන්නට බෑ, ඒක අවම වශයෙන් ආරක්ෂක ලේකම් තුමා ලඟ නවතින්න ඕන.
ඊලඟට ඒ අර්ථ දැක්වීම පිළිබඳව ගැටලුවක් තියනවා. මමත් හිතෙනවා පුලලු අර්ථකථනයක් දීම ඉතාම භයානකයි කියලා. මොකද මේක අවභාවිතා කරන්න පුලුවන්. දැන් එය තේරිලා තියනවා. අපි ඒ ගැන සාකච්ඡා කරන්න කැමතියි.
පොදුවේ හැමෝටම පිළිගත හැකි…. සාමාන්‍ය නීතිය හැටියට යොදා ගන්න නෙමෙයි. ව්‍යතිරේඛයක් හැටියට යෛාදා ගත හැකි, ත්‍රස්තවාදී අවස්ථාවක දී පමණක් යොදා ගත හැකි, නීතියක් ලෙස මෙය ක්‍රියාත්මක විය යුතුයි කියන තැන අපි ඉන්නවා.
අමාත්‍යවරයා පැවසුවේය. එමෙන්ම ඔහු කීවේ තමන් හැමදාම ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි කඳවුරක සිට කටයුතු කළත් මෙතෙක් ඔහු ගැන තිබී ඇත්තේ වැරදි අවබෝධයක් බව දැන් පිළිගන්නා බවය.







