අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය තාන්ත්‍රික බලපෑම් නිසා සිල්ලරට වැටුණු ලංකාවේ මිනිස් ජීවිත  

සිදුවූයේ කුමක් ද?... විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු මේ රටේ මිනිස්සුන්ට කියන කතාව

by editor
අප්‍රේල් 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය සති කිහිපයේ ඖෂධ නියාමන අධිකාරියේ   විශාල පුටු පෙරළියක් සිදු වුණා. එහි අධ්‍යක්ෂක මණ්ඩලයෙන් මුලින්ම ඉවත් කළ හතර දෙනා අතරට කොරෝනා සඳහා ආසියානු කලාපයටම ලෝක සංවිධානයේ නියෝජිතයා ලෙස කටයුතු කරන වෛද්‍ය පාලිත අභයකෝන් මහතා අයිති වුණා. ඊළඟට ඉවත්කළ දෙදෙනා අතරට හිටපු සභාපති මහාචාර්ය අසිත ද සිල්වා අයිති වුණා. ඉවත්කළ හත්වෙනියා හැටියට ළමා රෝග විශේෂඥයන් වෙනුවෙන් එම සංගමය මගින් නම් කරන ලද මා ඉවත් කර තිබෙනවා.

අධ්‍යක්ෂක මණ්ඩලේ මුළු සාමාජිකයන් ගණන 13යි. ඉන් තිදෙනෙක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, ප්‍රධාන විධායක නිලධාරී සහ මහා භාණ්ඩාගාර නියෝජිත නිල බලයෙන් පත්කෙරුණු අය.

මේ අවස්ථාවේ මෙම පෙරලිය සිදු වීමට ආසන්නතම හේතුව ඇතැම් අයට උවමනා තරම් ඉක්මනට චීන සිනොෆාම් එන්නත ඖෂධ අධිකාරිය විසින් අනුමත නොකිරීම බව මා විශ්වාස කරනවා. මාර්තු මස 18 වැනිදා අලුතින් හය දෙනෙකු පත්කළ පසු අලුත් ඖෂධ නියාමන අධිකාරියේ නව වැඩ බලන සභාපති තුමා සිනොෆාම් අනුමත කිරීම සඳහා මෙම එන්නත අනුමත කිරීමට හදිසි රැස්වීම් දෙකක් පැවැත්වුවත් එහිදී එයට විරුද්ධ වීමට මටත් වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාටත් සිදුවුණා. රටකින් රටකට ප්‍රදානයක දී තරමක් කෙටි ක්‍රමයකින් එන්නතක් ලබා දීම අනුමත කළ හැකි වුවත් ඒ සඳහා අවශ්‍යවන අවම කාර්යක්ෂමතාවය සහ ආරක්ෂාකාරී බව සහතික කරන දත්ත ඇති බවට නිර්දේශ අදාල අපක්ෂපාතී විද්වත් කමිටුවෙන් ලබා දී නැති බව අපට පෙන්වා දීමට සිදුවුණා.

චීනය නූතන ලෝකය විද්‍යාත්මක සහ තාක්ෂණික කටයුතු වලින් ඉහළින්ම සිටින රටකි. ඉතා සාර්ථක එන්නත්ද ඔවුන් නිපදවා ඇත. දැනට ලංකාවේ භාවිතා කරන japanese encephalitis එන්නත මෙයට හොඳ උදාහරණයකි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

කොරෝනා වසංගතය ලෝකයේ පටන් ගත්තේ චීනයෙනි. එහෙත් එය ලෝකයේ පැතිර යද්දී කාටත් වඩා කලින් සාර්ථකව එය මැඩ පවත්වන්නට චීනයට හැකි විය. ඒ එන්නත් භාවිතා කිරීමෙන් නොව දැඩි විනයකින් එකිනෙකාගෙන් රෝගය පැතිර වීම සෞඛ්‍යය පුරුදු මගින් අවම කිරීම නිසාය.

කොරොනා රෝගය ලෝකය පුරා පැතිර යද්දී රටවල්  සහ සමාගම් ගණනාවක් එන්නත් සොයා ගැනීමට තරගකාරිව ඉදිරිපත් විය. චීනය ද ඒ අතර විය.

පසුගිය නොවැම්බර් මාසයේ සිට විවිධ එන්නත් එලියට එද්දි ජනවාරි මාසයේ අග සිට ලංකාවටත් එන්නත්කරණය පටන් ගැනීමට හැකියාව ලැබින. මුලින්ම ලංකාවට ලැබුණේ ඉන්දියාවේ ප්‍රදානයක්වූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා සමාගම සමඟ නිපදවා ඇති කොවිෂීල්ඩ් එන්නතයි.

ක්‍රමවේදය –

මෙම එන්නත ඇතුළු ලංකාවට ගෙනෙන සියලුම එන්නත් අනුමත කරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගිනුයි. ඒ සඳහා ක්‍රමවේදයක් තිබෙනවා . මෙවැනි හදිසි අවස්ථාවක එම ක්‍රමවේදය වන්නේ අපක්ෂපාති විද්වත් මණ්ඩලයක් වෙත එන්නත් නිපදවන අය විසින් ලබා දෙන විද්‍යාත්මක  දත්ත ලබාදී එන්නතේ කාර්යක්ෂම භාවය සහ ආරක්ෂාකාරී බව කරුණු ගණනාවක් පිළිබඳව සොයා බැලීමෙන් පසු ඔවුන් ලවා ඖෂධ අධිකාරිය වෙත නිර්දේශ ලබා ගැනීමයි.

මේ සඳහා වූ විද්වත් මණ්ඩලය මුලින්ම පත්කෙරුණේ 2017, ප්‍රංශයේ නිෂ්පාදිත ඩෙංගු එන්නතක් සඳහා අනුමැතිය ඉල්ලා සිටි අවස්ථාවක. මමත් වෛද්‍ය ආනන්ද විජේවික්‍රමත් ඒ අවස්ථාවේ සිටම එම විද්වත් මණ්ඩලය ද සේවය කර තිබෙනවා.

දැනට ලංකාවෙ අනුමත කර ඇති ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත සහ රුසියාවේ නිපදවන ස්පුට්නික් එන්නත අනුමත වූයේත් මේ අයුරින්. එසේ අනුමත කිරීමේදී වැදගත් වෙන කාරණා කිහිපයක් තිබෙනවා. ලොක සෞඛ්‍ය සංවිධානය අනුමත කරලා තිබෙනවා නම් හෝ ලෝකයේ තිබෙන වඩාත්ම සුපරික්ෂාකාරී ඖෂධ නියාමන අධිකාරි  11න් එකක් හෝ අනුමත කර තිබෙනවා නම් එම අනුමැතිය ඉතා පහසුයි. එසේ නොමැති විට එම එන්නත් පිළිබඳව කරන ලද තුන්වැනි අදියරේ   පරීක්ෂණවල සියලුම දත්ත අපේ ඖෂධ නියාමන අධිකාරිය සඳහා ලබාදිය යුතු වෙනවා. මෙම තුන්වැනි අදියර පරීක්ෂණ ලෝකයේ පිළිගත් වෛද්‍ය සඟරාවක  පළ කර තිබේ නම් එයත් මේ සඳහා උපකාරයක් වෙනවා.

දත්ත නෑ…

සිනොෆාර්ම් එන්නතේ මේ සඳහා  ලංකාවේ නියෝජිතයන් එම එන්නතද ලංකාවෙ ජනතාවට ලබාදීම සඳහා අයදුම් කර දැනට මාස දෙකකට අධිකයි. ඒත් ඔවුන්ගේ අයදුම්පත සමඟ අවශ්‍ය කරන දත්ත විශාල ප්‍රමාණයක් ලැබිලා තිබුණෙ නෑ. ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය මේ සඳහා එන්නත් පිළිබඳ පත්කර තිබූ විද්වත් මණ්ඩලය මෙම දත්ත කොතෙකුත් ඉල්ලුවත් ඒවාවල වැදගත් කොටස් කීපයක්ම මේ වෙනකොටත් ලැබුණේ නැහැ.

එසේ දත්ත නොමැතිව එන්නතක් අනුමත කළහොත් එයින් ඇතිවන පූර්වාදර්ශය විශාල ප්‍රශ්න ඇති කරන්නක් බවට පත්වෙනවා. ඖෂධ නියාමන අධිකාරියට අනුමතය සඳහා ලැබෙන අවසාන එන්නත මෙය නොවෙයි. මොනවා හෝ වෙනත් ඕනෑම රෝගයක් සඳහා එන්නතක් එනවිට එය අනුමැතියට නිවැරදි ක්‍රමය පමණක් භාවිතා කළ යුතුයි. ලංකාවේ අනුමැතිය සඳහා ලබන සියලු ඖෂධ වර්ග වලටත් මෙම නීතිය පොදුයි.

මෙය පරීක්ෂණයක් ද?

මෙම දත්ත ලබා ගැනීමට මෙතරම් කාලයක් ගත වෙන්නේ ඇයි ද යන්න අප දන්නේ නැත. සමහරවිට මෙයට හේතුව හැකි තවත් හේතුවක් තිබෙන්නට පුළුවන්.  එන්නතේ හොඳ නරක පරීක්ෂා කරන්නට රොගීන් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය වෙනවා. නමුත් මෙම එන්නත ට අදාල තුන්වැනි අදියරේ පරීක්ෂණ කරන කාලේ චීනය විශාල ලෙස රෝගය මැඩ පත්වෙලයි තිබුණේ. ඒ නිසා ඔවුන්ට ප්‍රමාණවත් ලෙඩුන් සිටියේ නැති වෙන්නත් පුළුවන්. මෙම සායනික පරීක්ෂණය සඳහා. සායනික පරීක්ෂණ වැඩි හරියක් කර තිබෙන්නේ මැදපෙරදිග සහ බ්‍රසීලය වැනි රටවල්වල. එම රටවල්වලින් දත්ත ලබා ගැනීම කාර්යක්ෂම නැති වෙන්නත් පුළුවන්.

මෙම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සඳහා ද ඉදිරිපත් කර තිබුණේ ජනවාරි මාසයේ වුණත් ඔවුනුත් මෙය අද දක්වා අනුමත කර තිබුණේ නෑ. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම එන්නත අනුමත කිරීමට කලින් යොදාගෙන තිබුණ දිනය මාර්තු මාසේ මුලයි. දැන් ඔවුන් එය අප්‍රේල් මාසයේ අග දක්වා ප්‍රමාද කිරීමට හේතු වුණේත් අවශ්‍ය දත්ත ඔවුන්ට නොලැබීම බව විශ්වාස කරනවා.

රාජ්‍ය තාන්ත්‍රික බලපෑම ගැන සිතා අනුමත කරන්නලු

එන්නත කොතරම් හොඳ යයි විශ්වාස කළත් චීනය නිපදවන අනිත් සියළුම දේවල් කොතරම් හොඳ වුණත් මෙම දත්ත නොමැතිව එය අනුමත කිරීමට හෝ නිර්දේශ කිරීමට විද්වත් මණ්ඩලයට වත් ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයටවත් හැකියාවක් නෑ. මෙම දත්ත ඉල්ලූ විට සමහර අවස්ථාවල අපට ලැබුණේ දත්ත වෙනුවට චීනයේ ප්‍රදානයන් ලෙස මෙම එන්නත් ලබා ගත් රටවල් වල ලැයිස්තුවක් පමණයි.

කිසියම් හේතුවක් නිසා ඇතැම් අය පුළුවන් තරම් ඉක්මනින් මෙම එන්නත අනුමත කර දෙන ලෙස ඖෂධ නියාමන අධිකාරියෙ අධ්‍යක්ෂක මණ්ඩලයට බලපෑම් ඇති කළා. අවසාන වශයෙන් ඒ සඳහා එහි සභාපති තුමා ඇතුළු අනිකුත් සාමාජිකයන් කීප දෙනෙක්ව වහාම ඉවත් කර ඒ වෙනුවට වෙනත් අය පත් කරගන්න ඔවුන් කටයුතු කල බව මම විශ්වාස කරනවා. අනුමත කිරීමට ප්‍රමාද වන විද්‍යාත්මක හේතුව කොතරම් පැහැදිලි කරත් මෙහි ඇති රාජ්‍ය තාන්ත්‍රික ගැන බව සලකා එය අනුමත කරන්නට අප ඉක්මනින් කටයුතු කළ යුතුය යන්න දේශපාලන අධිකාරියේ සමහරුන් වරින් වර අපට පෙන්වා දුන්නා.

එන්නත් ලබා දෙන්නේ රෝගයක් නැති සුවයෙන් සිටින සාමාන්‍ය මිනිසුන්ටයි. එම නිසා එන්නත් නිසා අතුරු ආබාධ හෝ ජීවිත හානි ඇති වෙනවාද යන්න සලකා බැලීමෙන් පසුව  පමණක් නිර්දේශ කිරීම අත්‍යවශ්‍යයි. චීනය විසින් මෙතෙක් නිපදවා ඇති අනිත් එන්නතත් මෙන් සිනොෆාම් එනිනතත් හොඳ එන්නතක් විය යුතු යැයි මා විශ්වාස කළත්, ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයකු ලෙසත්, එන්නත් සඳහා වූ විද්වත් මණ්ඩලයේ සමාජිකයෙකු ලෙසත් මට කළ හැක්කේ අවශ්‍ය දත්ත මත පදනම්ව නිගමන ලබාදීමට දායකයකු වීම පමණයි. ඒ සඳහා ගන්නා කාලය දත්ත ලැබීමට යන කාලය පමණයි.

ගරු සේවයක්..

එන්නත් පිළිබඳව දත්ත කියවීමට දිනපතා විශාල වෙලාවක් නිදි වර්ජිතව පවා ගත කරන්නට විද්වත් මණ්ඩලයේ සමාජිකයන්ට සිදුවුණා. මේ කිසිම සාමාජිකත්වයක් සඳහා මා කිසිම මුදලක් ලබා ගත්තේ නෑ, මාගේ කාලය මා ලබාදුන්නෙත් රට වෙනුවෙන් කරන සේවයක් යැයි හැඟීමෙන්. මා සේවය කරන්නේ මීගමුවේ වුවත් කොළඹ පැවති අදාල විද්වත් සාකච්චා සියල්ලටම සහභාගි වුණේ මගේම ගමන් වියදමෙන්. පසුගිය වසර ගණනාවක් තුළ ඖෂධ නියමන අධිකාරියේ රැස්වීම්වලට  මම සහභාගි වුණේ මේ ආකාරයටමයි. මේ දක්වා මම ඖෂධ නියාමන අධිකාරියේ කිසිම ගෙවීමක් ලබාගන නැත.

කෙසේ හෝ අනුමත කිරීමේ උත්සාහය

හිටපු සභාපති අසිත දි සිල්වා මහතා ඉවත් කිරීමෙන් පසුව මෙම එන්නත දත්ත ලැබෙනකන් නොසිට ඖෂධ නියාමන අධිකාරියේ අලුත් අධ්‍යක්ෂක මණ්ඩලය ලවා අනුමත කර ගැනීමට විශාල උත්සාහයක් ගැනුණා. මා ඖෂධ නියාමන අධිකාරිය සිටියේ, ළමා රෝග විශේෂඥ සංගමයේ නියෝජිතයෙකු ලෙස මිස කිසිම දේශපාලන පත්වීමක් හැටියට නොවෙයි.  මම සහ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම විද්‍යානුකූලව පෙන්වා දුන්නා අදාල දත්ත නොමැතිව එන්නතත් අනුමත කිරීමේ අවදානම සහ නුසුදුසු බව.

2017 පිලිපීනයේ ඩෙංගු සඳහා ලබාදුන් ඩෙන්වෙක්සියා එන්නත නිසා ළමුන් කිහිප දෙනෙක් මිය යාම හේතුවෙන් එම එන්නත අනුමත කිරීමට හේතු වුණු අය වසර ගණනාවක් සිර දඬුවම් සඳහා නිර්දේශ වූ අයුරු අධ්‍යක්ෂක මණ්ඩලයට පෙන්වාදීමට මට සිදු වුණා. (මෙම ඩෙංගු එන්නත සඳහා ලංකාවේ ඖෂධ නියාමන අධිකාරිය 2017 දී අනුමැතිය ලබා නොදුන්නේත්  ඒ සඳහා වූ විද්වත් මණ්ඩලය නිර්දේශ නොකළ නිසයි. එවකට පැවති රජයෙන් එය අනුමත කිරීම සඳහා පීඩනයක් ද තිබුණා)

සිද්ධ වුනු දේ

අධ්‍යක්ෂක මණ්ඩලයේ දහතුන් දෙනා ඡන්දයක් ලබාගෙන සිනොෆාර්ම් එන්නත අනුමත කර ගන්නට ඔවුන්ට අවශ්‍ය නම් ඉඩ තිබුණා. එහෙත් විද්වත් මණ්ඩලයක නිර්දේශ වලට එරෙහිව එවැන්නක් කිරීම නුසුදුසු බව මට කියන්නට සිදු වුණා. අවසානයේ සියල්ලන්ම තීරණය කළේ එන්නත ලංකාවට ගෙන්වා ගත්තත් අවශ්‍ය දත්ත ලැබෙනතුරු හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ආයතනයක් එය අනුමත කරනතුරු එය ලංකාවේ සිටින චීන පුරවැසියන්ට පමණක් ලියාපදිංචි නොකළ නාමික වශයෙන් ඔවුන් වෙනුවෙන් ගෙන්වා ඇති ඖෂධයක් ලෙස පමණක් භාවිතා කළ යුතු බවයි.

 ඖෂධ නියාමන අධිකාරිය ස්වාධීන ආයතනයක් වීමේ වැදගත්කම

ඖෂධ නියාමන අධිකාරිය සම්පූර්ණ ස්වාධීන ආයතනයක් ලෙස පැවතීම මේ ජනතාවගේ සෞඛ්‍යයට සහ ආරක්ෂාවට ඉතා වැදගත්. එහි ස්වාධීනත්වය මේ දක්වා අදාල ඇමතිවරයාගේ බලපෑමෙන් පවා ආරක්ෂාවී තිබුණු බව කියන්නට පුළුවන්.

මෙයින් ඇතිවන හානිය එක එන්නත කට පමණක් සීමා වන්නේ නෑ.

  • ඉදිරියේදී රටේ ජනතාවට ගුණාත්මක බවෙන් යුතු ඖෂධ ලබාගැනීමට ඇති අයිතිය කිසියම් තර්ජනයකට ලක්වී ඇතැයි මා කල්පනා කරනවා.
  • සිනොෆාම් එන්නතත් අවශ්‍ය දත්ත ලැබීමෙන් පසුව ඉතා ඉක්මනින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරනු ඇතැයි මා විශ්වාස කරනවා, සහ ප්‍රාර්ථනා කරනවා. ප්‍රතිපත්තියක් ලෙස එවැනි අනු මතයක් ලැබෙනතුරු එසේ ඉවසා සිටීමේ වැදගත්කම අදාළ බලධාරීන්ට හා දේශපාලන නායකත්වයට ඉදිරියේදීවත් පැහැදිලි වනු ඇතැයි මා ප්‍රාර්ථනා කරනවා. මෙවැනි දේවල් වලදී සෘජු ප්‍රතිපත්තියක නොසිටීම ප්‍රශ්න ගණනාවකට මුලපුරන බව අප තේරුම් ගත යුතුයි.
  • ලෝකයේ රෝග ගණනාවක් වෙනුවෙනි අපට ආරක්ෂාව ලැබී ඇත්තේ ඒවා සඳහා නිපදවී ඇති ශක්තිමත් සහ ආරක්ෂාකාරී එන්නත් නිසයි. පිළිබඳ අපේ විශ්වාසය තවදුරටත් තබා ගත යුතුයි. දශක ගණනාවකට පෙර 1997 වසරේදී මා රජය වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සිටින කාලයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත නොකළ ත්‍රිත්ව එන්නතක් භාවිතා කිරීම නිසා රටේ වසංගතයක් ඇති වූ අතර එයට විරෝධය දැක්වීමට ද ඒ කාලේ මාද අන් අය සමඟ කටයුතු කළා. ඒ හේතුවෙන් ජාතික ප්‍රතිශක්තිකරණ පිළිවෙත් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධාන අනුමත කරල එන්නත් පමණක් ලබාදීමට රජය තීරණය කළා.
  • සිනොෆාම් එන්නතට අදාල සිද්ධි මාලාවෙන් රටේ බලධාරීන් සහ මහජනතාව එන්නත් පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබාගෙන ආරක්ෂාකාරී එන්නත් පමණක් භාවිතා කර වඩා සෞඛ්‍ය සම්පන්නව සිටිනු දැක්ම අප කාගේත් ප්‍රාර්ථනය විය යුතුයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දැවැන්ත පරිගණක අපරාධයක තොරතුරු හෙළිවෙයි

Next Post

පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්ට මිනිමැරුම් චෝදනා එල්ල කළ යුතුයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.