-
ගේම් ගහන්නෙ නෑ කී ආන්ඩුවේ දේශපාලන ගේමක් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි…
ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලන නිලධාරී පත්කිරීමේ බලධාරියා වන රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විධිමත් පත්විමේ ලිපියක් නොමැතිව පළාත් සභා ලිපියකින් මොණරාගල රෝහලේ වෛද්‍ය අධ්යක්ෂ ධූරයක් හෙබවූ වෛද්‍යවරයෙකුට සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ධූරයක් පිරිනැමීමට සූදානමක් පවතින බව අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම වෛද්‍යවරයා දැනටමත් ප්‍රධාන පෙළේ රෝහලක වැඩබලන අධ්යක්ෂ තරනතුරක් හොබවන අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් ඉහළ නිලධාරීන්ගේ උවමනාව මත මොහුව දැනට පුරප්පාඩු වී තිබෙන අතිරේක ලේකම් තනතුරට පත්කිරීමේ වෑයමක නිරත වී ඇතැයි වාර්තාවේ.
මේ දිනවල අතිරේක ලේකම් තනතුරට සුදුසු පුද්ගලයෙකු සොයා ගැනීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් සම්මුඛ පරික්ෂණයක් පවත්වන අතර එහිදී මෙම අධ්යක්ෂවරයාගේ පෞද්ගලික ලිපිගොනුව ඉහළින්ම තබා ඇති බවද වාර්තාවේ.
සෞඛ්‍ය අමාත්‍යංයේ අතිරේක ලේකම් තනතුරට සුදුසුකම් සහිත පරිපාලන වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යංශය තුළ සිටියද ඔවුන් අභිබවා මෙම වැඩබලන අධ්යක්ෂවයරයාගේ පෞද්ගලික ලිපි ගොනුව ඉහළින්ම තබා ඇති බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විධිමත් පත්වීම් ලිපියක් නොමැති පුද්ගලයෙකුට අතිරේක ලේකම් තනතුරක් පිරිනැමිය හැක්කේ කෙසේද යන්න පිලිබඳව මේ වන විට අමාත්‍යංශය අභ්‍යන්තරයේ දැඩිලෙස කථාබහට ලක්වෙමින් තිබෙන බව වාර්තාවේ.







