ලලිත් චාමින්ද –
රාජ්‍ය සේවා ඉංජිනේරුවරුන් 520 දෙනෙකුගේ පමණ හිඟයක් පවතින බවත් මේ වනවිට පළපුරුදු තරුණ ඉංජිනේරුවරුන් විශාල සංඛ්‍යාවක් විදේශත වී ඇති බැව් රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ ලේකම් එල් එස් සුරියබණ්ඩාර පවසයි.
අමාත්‍යංශ, දේපාර්තමේන්තු, පළාත්පාලන ආයතන සඳහා ඉංජිනේරුවන් 1520 දෙනෙකු සිටිය යුතු වුවද මේ වනවිට සේවයේ යෙදි සිටින්නේ 1000කට ආසන්න පිරිසක් බවද හෙතෙම පවසයි.
වාරිමාර්ග අංශයේ ඉංජිනේරුවරුන් 380 දෙනෙකු සිටිය යුතු වුවද දැනට සිටින්නේ 229 දෙනෙකු බවත් වාරිමාර්ග අංශයේ ඉංජිනේරුවරුන්ගේ සියයට 60ක පමණ හිඟයක් පවතින බවත් රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ ලේකම්වරයා පෙන්වාදෙයි.
සාධාරණ වැටුපක් නොලැබිම, පරිපාලන ගැටලු, තින්දු තිරණ ගැනීමේ දි ඇතිවන ගැටලු, අමාත්‍යංශවල ඉහල තනතුරු සඳහා යාමට නොහැකිවිම ආදි කරුණු කාරණා නිසා තරුණ පළපුරුදු ඉංජිනේරුවන් රටහැර යමින් පවතින බවද ලේකම්වරයා පවසයි.
මෙම තත්වය හමුවේ එක් ඉංජිනේරුවරයකුට ඉංජිනේරුවරුන් තිදෙනෙකුගේ කාර්යයන් කිරීමට සිදුවී ඇති බවත් එය දැනට සේවයේ යෙදි සිටින ඉංජිනේරුවරුන්ට දැඩි මානසික පිඩනයක් බවද හෙතෙම පෙන්වා දෙයි.
ඉංජිනේරුවරුන්ගේ පඩිවැඩි කරණ ලෙස ඉල්ලා සිටින විට මුදල් නොමැති බව සදහන් කරණ බවත් එහෙත් ඇතැම් ව්‍යාපෘතිවල විදේශිය උපදේශකයින් වෙත මාසයකට ලක්ෂ 75ක වැටුපක් ගෙවන බවත් රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ ලේකම් එල් එස් සුරියබණ්ඩාර වැඩිදුරටත් සදහන් කළේය..