අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සමූහ ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයන්ගේ අවසන් කටයුතු මේ සතියේ… ඝාතන සැකකරු 28 දා තෙක් රක්ෂිත බන්ධනාගාරයට…

by editor
මාර්තු 15, 2024
in පුවත්
සැකක්රුගේ නීතිඥයා...

සැකක්රුගේ නීතිඥයා...

Share on FacebookShare on Twitter

සමූහ ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකික පවුලේ අවසන් කටයුතු මෙම සති අන්තයේ සිදුකිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

35 හැවිරිදි දර්ශනී ඒකනායක, ඉනුකා (7), අශ්විනි (4), සහ රණ්යා, (3.)  සහ කැනඩාවේ දී උපත ලද මාස දෙක හමාරක් වයස කෙලී ඝාතතකයා විසින් කපා දමා ඝාතනය කර තිබිණි.  නිවසේ ඔවුන් සමග සිටි ගාමිණී අමරකොන් (40) නැමැති පුද්ගලයෙක් ද ඝාතකයාගේ ගොදුරු වී තිබිණි.

ඝාතකයාගේ ධරුණු ප්‍රහාරයට ලක් වී දිවි ගලවාගත් පවුලේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ මේ වනවිටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් ඇත.  ඔහුගේ පියා සහ සහෝදරයෙක් මේ වනවිට කැනඩාවට පැමිණ තිබේ.

මේ අතර පසුගිය සතියේ Barrhaven  උප නගරයේ නිවසකදී ළමුන් හතර දෙනෙකු ඇතුළු හය දෙනෙකු සමූල ඝාතනය කිරීමේ චෝදනාවට ලක්වූ  ඔටාවාහි බිහිසුණුම මිනීමරුවා ඊයේ පස්වරුවේ ඔටාවා උසාවියක කෙටි   පෙනී සිටීමක් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඝාතන චෝදනා ලද 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා දුරකථන මාර්ගයෙන් අධිකරණයේ  පෙනී සිටියේය.   ප්‍රථම මට්ටමේ මිනීමැරුම් චෝදනා 6ක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවක් සහිත මෙම චූදිත ඝාතකයාගේ   මීළඟ අධිකරණයේ දිනය මාර්තු 28 ය.

ඔහුගේ නීතීඥ ඉවාන් ලිට්ල් පවසන්නේ ඔහු දැනට ආරක්ෂිත අත්අඩංගුවේ පසුවන බවයි.

එල්ජින් වීදියේ උසාවියෙන් පිටත වාර්තාකරුවන්ට ඔහු මෙසේ කීවේය. “මම ඔහුගේ පවුලේ අය සමඟ සම්බන්ධ වී ඉන්නවා. ඔවුන් පැහැදිලිවම බොහෝ කලකිරීමෙන් ඉන්නේ.   රක්ෂිත බන්ධනාගාරගත කර ඇති ඔහු    හොඳින් කටයුතු කරනවා.” නීතිඥවරයා පැවසුවේය.

සැකකරුගේ මානසික සෞඛ්‍ය තක්සේරුවක් අපේක්ෂා කරන්නේද යන්න පිළිබඳව අදහස් නොදක්වන  නීතිඥයා ඒ සදහා මාස කීපයක් ගතවනු ඇති බව පවසයි.  ඔහු තම සේවාදායකයාගේ මානසික තත්ත්වය පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ..

ෆෙබ්‍රියෝ ද සොයිසා ශිෂ්‍යයෙකු ලෙස කැනඩාවේ සිටින බවට සැලකෙන ශ්‍රී ලාංකිකයෙකි. ඇල්ගොන්කින් විද්‍යාලයේ ප්‍රකාශකයෙකු සීටීවී නිව්ස් ඔටාවා වෙත පැවසුවේ ඔහු අවසන් වරට එහි පන්තිවලට සහභාගී වූයේ 2023 ශීත ඍතුවේ දී ය.

මෙම ඝාතනයට හේතුව පොලිසිය ප්‍රසිද්ධියේ යෝජනා කර නැත.

ඔටාවා නගරාධිපති මාර්ක් සට්ක්ලිෆ් මෙම ඝාතන හැඳින්වූයේ “නගර ඉතිහාසයේ වඩාත්ම කම්පන සහගත ප්‍රචණ්ඩත්වයේ සිදුවීම්වලින් එකක්” ලෙසිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුක්තියෙන් අමුඩය ගසාගත් රටක ඇත්ත කතාවේ සංක්ෂිප්තය… ෂාරාස් බාසික් නිදොස් කොට නිදහස්!

Next Post

රාජ්‍ය සේවා ඉංජිනේරුවරු 520ක් හිඟයි… තරුණ දක්ෂයින් රට හැර ගිහින්… එක් ඉංජිනේරුවෙකුට 3ක ගේ වැඩ කරන්න වෙලා! රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.