පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ හෙට (28) දිනය අත්‍යාවශ්‍ය සේවාවන් හැර රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශය පත් කර ඇත.
සාමන්‍ය කාර්යාල කටයුතු පවත්වාගෙන යාමේදී මුහුණ දෙන ගැටලු සැලකිල්ලට ගෙන මෙම තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇති බවත් රජයයේ අත්‍යාවශ්‍ය සේවාවන් හා අපදා සහන සේවාවන්ට අදාල නිලධරයන් සේවයට කැදවීම මෙම නිවාඩුව බාධාවක් නොවන බවද රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝකබණ්ඩාර මහතා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 30/2025 මගින් දැනුම් දී තිබේ.








