කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශ වලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකිය බවට අනතුරු ඇඟවීම් කර තිබේ.
ඒ අනුව ඒ අනුව ඉදිරි පැය 48ක කාලය තුළ ඇහැලියගොඩ, නෝර්වුඩ්, යටියන්තොට, ගලිගමුව, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, කඩුවෙල, බියගම, කොලොන්නාව, කැලණිය, වත්තල හා කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මෙලෙස මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
මෙම ප්‍රදේශ වල වෙසෙන ජනතාවට කඩිනමින් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසට අපදා කළමනාකරණ අංශ දැනුම් දී ඇත.







