51 වැනි ජගත් මානව හිමිකම් සැසිය ආරම්භ වුන ඊයේ (12) දිනය තුළ ද අඛණ්ඩ දෙවැනි දිනයටත් රාජ්‍ය ත්රස්තවාදයට එරෙහිව යුරෝපයේ ශ්‍රී ලාංකිකයෝ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ඇති සුප්‍රකට කැඩුණු පුටුව උද්ඝෝෂණ ස්ථානයේ නිහඬ විරෝධතාවයක නිතර වූහ.
ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සිදුවන මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධව ලෝකය දැනුම්වත් කිරීම සඳහා මෙම විරෝධතා ව්‍යාපාරය දියත් වුනේය.
දියුණු ප්‍රජාතාන්ත්‍රික සමාජයක් කිසිසේත් අනුදකින්නේ නැති ත්‍රස්තවාදය මර්ධනය කිරීමේ පනත යටතේ ත්‍රස්තාවාදීන් නොවන සිවිල් ක්‍රියාකාරිකයින්, ශිෂ්‍ය නායකයින් අත්අඩංගුවට ගැනීම රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සම්බන්ධව ඔවුහු බරපතල ලෙස මතුකළහ.
විශේෂත්වය වන්නේ ගිය වසරේ මේ සමුලුවට පැමිණ වසරක් තුළ අහෝසි කරන බව කී ත්‍රස්තවාදය මර්ධනය කිරීමේ පනත ජනාධිපතිවරයාගේ අත්සනින් බලගන්වා අත්අඩංගුවට ගැනීම් සිදුකිරීම බව විරෝධතාකරුවො සිය විරෝධතා පුවරුවලින් සිහි කර දුන්හ.
ඊයේත් බිඳුණු පුටුව අසල විරෝදතා ව්‍යාපාරයක් පැවැත්විනි.