රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා තමන් දැරූ ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් අද (22) ඉල්ලා අස්වී ඇත.
ඔහු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සිය ඉල්ලා අස්වීම දැනුම් දෙන රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ අමාත්‍යවරයෙක් ලෙස තමාට තව වසර තුනක් ඇමති ධුරයේ රැඳී සිටිය හැකි වුව ද රටේ ජනතාව දැඩි ආර්ථික අර්බුදයකින් සහ පීඩනයකින් පෙළෙන මෙවැනි අවස්ථාවක ඒ පිළිබඳව කිසිම තැකීමකින් තොරව බලා සිටීමට තමන්ගේ හෘද සාක්ෂිය ඉඩ නොදෙන බවය.
මීට මසකට පෙර තමන් විසන් ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ මතුකළ ප්‍රශ්න ඒ ආකාරයෙන්ම පවතින බව දන්වන රාජ්‍ය අමාත්‍යවරයා බලයට වඩා හෘද සාක්ෂිය වැදගත් බැවින් සිය ඉල්ලා අස්වීම දන්වා සිටින බව ප්‍රකාශ කර තිබේ.
එම ලිපිය පහත දැක්වේ.