සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වාහනයක් අලුත්වැඩියාවට දැමීම වෙනුවෙන් ගරාජ් එකෙන් අල්ලස් ගන්න ගිය නිලධාරියා කොටු වෙයි!

by editor
ජනවාරි 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඒ. ජේ. ඒ. අබේනායක –

රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් කැබ් රථයක් අලුත්වැඩියා කිරීමට ලබාදීම සඳහා වාහන අලුත්වැඩියා කිරීමේ ආයතනයක හිමිකාරියකගෙන් රුපියල් 32000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමට තැත් කළ බව කියන එම අමාත්‍යාංශයේ සහකාර කළමනාකාරවරයකු මෙම 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්   ඊයේ (9දා) නියෝග කළේය.

බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි රසිකා දේශානි නමැති වාහන අලුත්වැඩියා කිරීමේ ආයතනයක් පවත්වාගෙන යන කාන්තාවක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ඉහත සඳහන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සහකාර කළමනාකාරවරයකු වන බුද්ධික නමැති සැකකරුවෙකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

මෙම ආයතනය රජයේ හා පෞද්ගලික ආයතනවල වාහන අලුත්වැඩියා සිදුකරන බවත් ඒ අනුව ඉහත සඳහන් අමාත්‍යාංශයේ කැබ් රථයක් රුපියල් 312750 කට අලුත්වැඩියාකිරීම සඳහා භාරදී ඇති බවද අධිකරණයේදී අනාවරණය විය.

වාහනය අලුත්වැඩියා කිරීමට අදාළ චෙක්පත ලබා ගැනීමෙන් අනතුරුව එම මුදලින් සියයට දහයක්, ආසන්න වශයෙන් රුපියල් 32000 ක මුදලක් තමාට ලබාදෙන ලෙසට මෙම සැකකාර පුද්ගලයා ඉහත සඳහන් වාහන අලුත්වැඩියා කිරීමේ ආයතනයට දැනුම්දී ඇති බවද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැන්වීය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

සැකකාර පුද්ගලයාගේ ඉල්ලීමට එකඟව ඇති පැමිණිලිකාරිය එම මුදල් ලබාගැනීම සඳහා කිඹුලාවල ප්‍රදේශයේ පිහිටි තම ආයතනය වෙත පැමිණෙන ලෙස සැකකරුට දැන්වීමෙන් අනතුරුව ඒ පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට දැනුම්දී ඇති බවද හෙළිවිය.

පැමිණිලිකාරියගේ දැනුම්දීමට අනුව සැකකාර පුද්ගලයා පෙරේදා (8දා) එම ස්ථානය වෙත ගොස් පැමිණිලිකාරියගෙන් අදාළ මුදල ලබාගැනීමට උත්සාහ ගත් අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවද එම කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරී බණ්ඩාර නැමැති නිලධාරියා   අධිකරණයට දැන්වීය. – දිවයින

Tags: නවතම
Share69Tweet43
Previous Post

කහතුඩුවේ සිවිල් ගුවන් සේවිකාවගේ ඝාතකයා රටින් පිටවීමට යද්දී ගුවන්තොටුපලේ දී අත් අඩංගුවට… ඔහු  ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ සහෝදරයෙක්…

Next Post

ජනපති ජාතික අපේක්ෂකයා ලෙස ජනපති සටනට එන්න සැලසුම් කරයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.