රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සහ අක්‍රමිකතා වැළැක්විමට දුන් නිර්දේශ අති විශාල සංඛ්‍යාවක් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග මෙතෙක් ගෙන නැති බවත් තමන් විසින් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්ම කිරීම අනිවාර්ය කිරීම සඳහා සුදුසු නව නීති පද්ධතිය අවශ්‍යතාව දැන් රටට ඇති බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.
එම ආරංචි මාර්ග පවසන්නේ වාර්ෂිකව රුපියල් කෝටි ගණනක රාජ්‍ය මුදල් වැයකරමින්, කාලය සහ ශ්‍රමය කැප කරමින් සිදුකරන විගණන විමසුමකින් අනතුරුව රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සහ අක්‍රමිකතා වැළැක්වීමට දුන් නිර්දෙශවලින් අල්ප ප්‍රමාණයක් පමණක් ක්‍රියාවට නැගෙන්නේ ඒවා ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැති කම නිසා බවය.
රාජ්‍ය ආයතන මෙම මගහැරීම සිදු කරන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුව ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජයේ ගිනුම් පිළිබඳ කාරක සභාවත්, මුදල් පිළිබඳ කාරක සභාවත් අදාල ආයතනවලට නිර්දේශ ලබා දී තිබිය දී විම අතිශය බරපතල කරුණක් ලෙස සැලකිය යුතු බව ද විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සෑම රාජ්‍ය ආයතනයක්ම බැඳී සිටින නමුත් එම විගණන නිර්දේශ ක්‍රියාත්මක නොවීම දූෂණ ක්‍රියාවලිය යාවත්කාලීන වීමක් බවද එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.