මෙරට පුරවැසියන්ගේ සහ රජයේ ආයතනවල නිශ්චල සහ චංචල දේපල පිලිබඳ ජූලි මස 01 දා සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලබා දිය යුතු බවට නිර්දේශ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මුදල් අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ විසිනි.
මෙරට පුරවැසියන්ගේ සහ රාජ්‍ය ආයතනවල නිශ්චල හා චංචල දේපල පිලිබඳ තොරතුරු ජුලි මස 01 වැනිදා සිට දේශිය ආදාම් දෙපාර්තමේන්තුව වෙත ලබා දිය යුතු බවට එම අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වී ඇත.
මේ අනුව ඉඩම් හා දේපල විකිණීම, ඉඩම් හා දේපළවල අයිතිය, ලියාපදිංචි කළ බදු ගිවිසුම්, කොටස් වෙළෙඳපල අයිතිය පිළිබඳ තොරතුරු ආදි සෑම වත්කමක්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලබා දිය යුතුව තිබේ.
එමෙන්ම මෙරට පුරවැසියන්ගේ ලියාපදිංචි කළ වාහන සහ වාහන හිමිකම් පැවරීම පිළිබඳ තොරතුරු, උපදේශන හා උපදේශන නොවන සේවා සැපයීම්, සියලුම ජංගම ගිණුම් සහ ණය අත්තිකාරම් පිළිබඳ තොරතුරු, ආයෝජන පිළිබඳ තොරතුරු සහ කොටස් ගනුදෙනු සහ වෙනත් ගනුදෙනු කළ හැකි සාධන පත්‍ර පිළිබඳ තොරතුරු නිති පතා දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ලබා දිය යුතු බව ද එම ගැසට් නිවේදනයෙන් නියම කර ඇත.
යම්කිසි පුද්ගලයෙක් හෝ රජයේ ආයනයක් විසින් මෙම නිවේදනයේ සඳහන් අප්‍රේල් 01 වැනි දානට පෙර යම් තොරතුරක් පවත්වාගෙන ගොස් නොමැති නම් මේ වසරේ ජූලි මස 01 වැනිදා සිට එම තොරතුරු පවත්වාගෙන යෑම ආරම්භ කළ යුතු බව ද ඉන් නියම කර තිබේ.