අමායා උඩුවැරැල්ල –
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කොට් හි TRP ක්‍රීඩා කලාපයක අද (25) සවස ඇති වූ දැවැන්ත ගින්නකින් පුද්ගලයන් විසි හත් දෙනෙකු පමණ මිය ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මියගිය අය අතරට ළමුන් 12 දෙනෙකු ද අයත් බවයි සඳහන් වන්නේ.
රාජ්කොට් නගර පොලිසිය සඳහන් කර තිබෙන පරිදි මෙම සිදුවීමෙන් පසු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා TRP ක්‍රීඩා කලාපයේ හිමිකරු සහ කළමනාකරු පොලිස් ස්ථානයට රැගෙන ගොස් තිබෙනවා.ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිද්ධිය සම්බන්ධයෙන් ශෝකය පළ කරමින් X හි පණිවිඩයක් නිකුත් කර ඇති අතර විපතට පත් වූවන්ට අවශ්‍ය සියලුම ආධාර ලබා දීමට ප්‍රාදේශීය පරිපාලනය කටයුතු කරනු ඇති බව පවසා තිබෙනවා.