අද (05) උදේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතා නායකවරයා තේරීමේ ඡන්දයට පෙර හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරුන්ගේ ආසන ලඟට ගොස් “ආණ්ඩු පක්ෂයෙන් දාන රන්ජිත් සියඹලාපිටියට ඡන්දය දෙන ලෙස“ කැම්පේන් කළ ආකාරය ශානක්කියන් රාසමානික්කම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී හෙළි දරවු කළේය.
ඔහු මෙසේ කීවේය.
“අද අද උදෑසන නියෝජ්‍ය කතා නායකතුමා තේරීමේ දී පාර්ලිමේන්තුවේ වෙන නාටකය පැහැදිලි වුනා. අද උදේ අපි දැක්කා ගරු හිටපු අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මත්තයා තනි තිනියෙන් පුද්ගලයින්ගෙන් අහනවා ආණ්ඩු පක්ෂයෙන් දාන සියඹලපිටිය මහත්තයට සපෝට් කරමු කියලා. බලද්දි එතුමා විපක්ෂයෙ.“
“අපි දැක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රන්ජිත් සියඹලා පිටියට සපෝට් කරනවා. පොදුජන පෙරමුණේ මහාචාර්ය ජී.එල් පීරිස් කියනවා සියඹළාපිටියට සපෝට් කරනවා කියලා.“
“අද ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්නෙ මන්ත්‍රීවරු 65යි. මන්ත්‍රීවරු 148ක් ඉන්නෙ රාජපක්ෂලා වෙනුවෙන්. රාජපක්ෂලා බේරගන්න ඉන්නේ.“
“අද මම කියන්නම් පැහැදිලිවම. මොන දෝෂාභියෝග ගෙනාවත් මේ ඉන්න ඩ්‍රාමකාරයො මේ ඉන්න හොරු මේ ඉන්න බොරු කාරයො රාජපක්ෂට විරුද්ධව ඡන්දය දෙන්න එන්නෙ නෑ.“