විශ්ව ශක්තියෙන් කොවිඩ් වෛරසය දේශයෙන් තුරන් කිරීම සඳහා බලගතු ශාන්තිකර්ම ගණනාවක් කළ වෙදැදුරෙක් ලෙස ප්රකට එළියන්ත වයිට් කොවිඩ් ආසාදිතව නවලෝක රොහලේ ප්රතිකාර ගනිමින් සිටින බව වාර්තා වේ.
ඔහු රටේ ඉහළම ප්රභූවරුන්ට ප්රතිකාර කරන බවත් දෙස් විදෙස් ක්රීඩකයන් ඔහු හමුවී වෙදකම් කරගන්නා බවත් ප්රකට කරුණක් වී තිබිණි.
මේ වනවිට ඔහු නවලෝක රෝහලේ විශේෂ රැකවරණය මැද ප්රතිකාර ලබමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.