කීර්ති ප්‍රනාන්දු –
රාගම වෛද්‍යපීඨයේ නේවාසික සිසුන්ට පහරදීම සම්බන්ධව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත් අමින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු නීතිඥයෙක් මාර්ගයෙන් ඊයේ (02) රාගම පොලිසියට භාර වී තිබේ.
මෙම 23 හැවිරිදි සැකකාර තරුණයා දංකොටුව වලව්වත්තත පදිංචි අයෙකි.
ඊට අමතරව සැකකරු මෙම පහරදීම සිදුකිරීමට පැමිණි බවත් එසේ පැමිණි බවට සැක කරන බීඑම්ඩබ්ලියු වර්ගයේ මෝටර් රථයක් ද පොලිසිය භාරයට ගෙන ඇති බවත් පොලිසිය කියයි. මෝටර් රථය සොයාගෙන ඇත්තේ කළුබෝවිල ප්‍රදේශයේ සඟවා තිබියදී ය.
සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය කියයි.







