රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින මහර බන්ධනාගාර සිදුවීමෙන් තුවාල ලත් රැඳවියකු ඊයේ රාත්‍රියේ රෝහලින් පැන ගොස් ඇති බව අනාවරණය වී තිබේ. බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මැද වුවද ඔහු උපක්‍රමිකව පැන ගොස් ඇති ව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වනවිට ඔහු සොයා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ වී ඇත.
පසුගියදා මහර බන්ධනාගාර සිදුවීමෙන් තුවාල ලත් 121 දෙනකු අතරින් 28 දෙනකු ඊයේ වනවිට රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියහ.







