දිනසේන රතුගමගේ-
යාපනයේ නැගෙනහිර වත්‍රායන් ප්‍රදේශයේදී ළදරු මළ සිරුරක් බල්ලකු විසින් ඩැහැගෙන යමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් එම මළ සිරුර බල්ලාගේ ග්රහණයෙන් මුදවාගෙන යාපනය පොලීසියට පැමිණිලි කොට තිබේ.
පොලීසිය ගොස් මූලික පරීක්ෂණ ආරම්භ කළ අතර එහිදී අනවරණය වී ඇත්තේ වත්‍රායන් ප්‍රදේශයේ කානතාවක් විසින් එම බිළිදු මළ සිරුර ඇගේ නිවස පිටුපස වළලා දමා තිබියදී වළ හාරා බල්ලකු විසින් සිරුර රැගෙන ගොස් ඇති බවයි.
සිද්ධියට සම්බන්ධ කාන්තාව ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගෙන ඇති අතර ඇය සිය සැමියාගෙන් වෙන්ව තනිවම ජීවත් වන කාන්තා වක් බවටද තොරතුරු හෙළි වී තිබේ.
අදාල කාන්තාව විසින් දරුවා ප්‍රසූත කරන්නට ඇතැයි සැක කරණ පොලිසිය ඇයව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යාපනය ශීක්ෂණ රෝහල වෙත යොමු කොට තිබේ.
යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.