රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන වඩාත් කාර්යක්ෂමව, ඵලදායීව කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා එකී ව්‍යවසායන්ගේ කොටස් මහා භාණ්ඩාගරයට සියයට සීයක් අයිතිවන පිරිදි මහා භාණ්ඩාගාරය යටතේ මව් සමාගමක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා විසින් ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පැවසුවේය.
කැබිනට් ප්‍රකාශකවරයා ඒ සම්බන්ධව මෙසේ පැහැදිලි කළේය.
“රාජ්‍ය ව්‍යවසායන් අලාභ නොලබන මට්ටමට ප්‍රතිව්‍යුහගත කරනයක් සඳහා විද්වත් කමිටු විසින් සාකච්ඡා පවත්වාගෙන යනවා. ඒ කටයුතු කඩිනම් කරන්න 2022 අතුරු අයවැය මගින් රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ යොජනාව ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළා. “
“ප්‍රතිව්‍යුහගත කරන ආයතනවටල පහසුකම් සැපයීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ රාජ්‍ය ව්‍යවාසයන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය ස්ථාපිත කරනු ලැබුවා.“
“ඇතැම් රජය සතු සමාගම් රජයට බහුතර කොටස් හිමි සමාගම් රාජ්‍ය සංස්ථා පිළිබඳ එම කමිටුව විසින් විශේෂ අධ්‍යයනයක් කරලා තියනවා.“
“ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහන කඩිනම් කරන්න සියයට සීයක් කොටස් හිමිකාරිත්වය භාණ්ඩාගාරයේ ලේකම්ට අයිතිවන ආකාරයට මහා භාණ්ඩාගරයට අනුබද්ධිත මව් සමාගමක් පිහිටුවන්නට කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.“