ලලිත් චාමින්ද –
කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හලක සේවය කරන ඇඟලුම් සේවක සේවිකාවන් තුන්සිය විසි දෙදෙනෙකුට (322) ආහාර විෂ වී ඇති අතර ඉන් 24 දෙනකු රෝහල් ගත කොට ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන පවසයි.
මෙකී ඇඟලුම් කම්හලේ ඇඟලුම් සේවක සේවිකාවන් 1200දෙනෙකු සේවය කරන අතර අලුත් අවුරුද්ද නිමිත්තෙන් ඊයේ(02) දහවල් මෙහි සාදයක් පවත්වා ඇත. එම සාදයේ දී ලබාගත් දහවල් ආහාරයෙන් පසු ඇඟලුම් සේවක සේවිකාවන්ට උදරයේ අමාරුව වමනය සහ හිසරදය වැනි රෝග ලක්ෂණ ඇති වී තිබෙන බැව් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.
අද උදෑසන රෝගී වූ මෙම ඇඟලුම් හලේ සේවක සේවිකාවන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල .අහංගම .ගොන්නගහහේන රෝහල .හබරාදූව යන රෝහල් වලට ඇතුළත් කොට ඇත . ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව මොවුන් රෝහල්වලින් පිටව ගොස් ඇත .
ආහාර විෂ වීමෙන්කරාපිටිය ශික්ෂණ රෝහලට ඇඟලුම් සේවිකාවන් විසිපස් දෙනෙකු සහ සේවකයින් හත් දෙනකු ඇතුළත් කළ බැව් කරාපිටිය රෝහල් පොලීසිය පවසයි. හබරාදුව රෝහලට ඇඟලුම් සේවක සේවිකාවන් 25 දෙනෙකු ඇතුළත් කොට ඇත . අහංගම ගොන්නගහහේන රෝහලටඇඟලුම් සේවක සේවිකාවන් හතර දෙනකු ඇතුළත් කොට ඇති අතර 40 දෙනකු පමණ බාහිර ප්‍රතිකාර අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන ඇත.
ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන්ට ලබාදුන් ආහාරවල සාම්පල් ලබා ගැන පරීක්ෂණ කටයුතු සඳහා කළුතර වෛද්‍ය සෞඛ්‍යය ආයතනය වෙත යොමු කරන බැව් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන පවසයි