පළාත් පාලන මැතිවරණය මාර්තු 10 වැනිදාට පෙර පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් නාම යෝජනා කැඳවීමේ දිනය අද (03) ප්‍රකාශයට පත්කරනු ඇති බවත් මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද මැතිවරණ කොමිසම කොළඹ දී රැස් වූ පසුය.
තේරී පත් වූ පළාත් පාලන මන්ත්‍රීවරුන් 2023 මාර්තු 20 වැනිදාට පෙර ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව ද මැතිවරණ කොමිෂන් සභාව කීවේය.
රටේ මුදල් හිඟයක් පවතින නමුත් මැතිවරණයට අදාල රජයේ ප්‍රතිපත්තිය වන්නේ සෑම දේශපාලන පක්ෂයක්ම නාම යෝජනා සකස් කරගෙන මැතිවරණයක් සඳහා සූදානම්ව සිටිය යුතු බවයැයි කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අද කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවේ දී පැවසුවේය.
කෙසේ වෙතත් රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග මින් පෙර හෙළි කර තිබුණේ ජනාධිපතිවරණයට මෙපිට වෙනත් මැතිවරණයක් නොපැත්වෙන බවය.