ශ්‍රියානි විජේසිංහ –
වැලිකඩ බන්ධනාගාරය තුළ රදවා සිටින රැදවියන්ගෙන් සැලකිය යුතු පිරිසක් මෙ වන විට බෝවන සහ බෝනොවන රෝගයන්‌ගෙන් පීඩා විඳින බවට තොරතුරු ලැබී ඇතැයි කොළඹ සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් ලංකාසර කළ විමසුමකදී කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක සඳහන් කළේ රැඳවියන් අතර රෝග ගණනාවක් පැතිර යන බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඉදිරියේ දී බන්ධනාගාර තුළට ගොස් රැදවියන් සඳහාම රෝග හදුනා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවය.
මෙහිදි හදුනා ගන්නා රෝගයන් සඳහා ප්‍රතිකාර ලබා දීම බන්ධනාගාර රෝහල තුළ මෙන්ම පිටස්තර රෝහල් තුළත් සිදුකිරීමට අදහස් කරන බවද රෝග වලට අමතර රැඳවියන්ට වෛද්‍ය පරික්ෂණ හෝ රසායනාගාර පරික්ෂණයන් අවශ්‍ය වන්නේ නම් එයද ලබා දීමට කටයුතු කරන බව හෙ තෙම පැවසුවේය.
කෙසේ නමුත් රැදවියෙකුට ප්‍රතිකාර කළ යුතු ක්‍රමවේදයෙන් බැහැර ප්‍රතිකාර ලබා නොදෙන බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.