සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රසායනික පොහොර තහනම ඉවත් කළා ද?

රාජ්‍ය නිලධාරීන්ගෙන්් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී පිළිතුරක්

by Lanka Sara Editor
අගෝස්තු 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

විද්‍යාත්මක කරුණු මත පදනම්ව යම් යම් තීන්දු තීරණවලට එළැඹිය ද කාබනික පොහොර භාවිතය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැති බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පෙන්වා දෙයි.

“රසායනික පොහොර තහනම ඉවත් කළා ද” යන්න මැයෙන් අද (05) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුව අමතමින් ලලිත් වීරතුංග මහතා මේ බව සඳහන් කළේය.

ලලිත් වීරතුංග මහතා සඳහන් කළේ දශක ගණනාවක් රසායනික පොහොර භාවිතයට හුරුව සිටි රටක් කාබනික පොහොර භාවිතයට යොමු කිරීම අභියෝගාත්මක කරුණක් බැවින් එහිදී විවිධ මතවාද ඉදිරිපත්වීම සාධාරණ බවයි.

ස්වාභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක පමණක් ආනයනයට කටයුතු කරන අතර, පස ජෛව විද්‍යාත්මකව පරිපූර්ණ කිරීම සඳහා එය අත්‍යාවශ්‍ය සාධකයක් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පැවසීය. කාබනික පොහොර භාවිතය බොහෝ ගොවීන්ට නව අත්දැකීමක් බැවින් මෙම කටයුතු සතිපතා නිරීක්ෂණය කිරීමේ යාන්ත්‍රණයක් සකසා ඇති බවත්, ඒ සඳහා තාක්ෂණික සහ නව ශිල්පීය ක්‍රම භාවිතා කිරීමට සැලසුම් කර ඇති බවත් ලේකම්වරයා පෙන්වා දුන්නේය. රාජ්‍ය විශ්වවිද්‍යාල, කෘෂි පීඨ සහ ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ උපදෙස් සහ සහාය මේ සඳහා ලබා ගැනීම සිදු කෙරෙන අතර සියලු මාධ්‍ය ආයතනවල සහාය ද අපේක්ෂා කරන බව ඒ මහතා සඳහන් කළේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ආනයන සීමා පනවා තිබුණද ජාතික අවශ්‍යතාව මත යම් තීන්දු තීරණවලට එළැඹීමට සිදුවන අතර ප්‍රතිපත්තිමය කරුණුවලින් බාහිරව ඒ කිසිවක් සිදු නොකෙරෙන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා අවධාරණය කළේය.

ස්වාභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක ආනයනයට ගෙන ඇති තීරණය පිළිබද අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ අදාළ අනෙකුත් ආයතනවල දැඩි අධීක්ෂණය සහ නිර්දේශ යටතේ එම කටයුතු සිදු කෙරෙන බවයි. පාංශු පරීක්ෂණයකින් අනතුරුව ගොවීන්ට ලබාදෙන ඛේතාංක මත පදනම්ව ඒ ඒ ප්‍රදේශවල අවශ්‍ය ප්‍රමාණයෙන් කාබනික පොහොර ලබාදීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා වන පාංශු පරීක්ෂණ ඉදිරි සතියේ ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා සඳහන් කළේය.

කාබනික වගාවට යොමුවීම සමග අස්වනු අඩුවුවහොත් ගොවි ගැටලු විසඳන්නේ කෙසේදැයි මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයට පිළිතුරු දුන් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා “වැඩසටහන ආරම්භයේ දී ගැටලු ඇතිවිය හැක. එහෙත් තිරසර හරිත සමාජ ආර්ථික රටාවක් ගොඩනැගීම පමා කළ යුතු නැත. මතුවන ගැටලුවලට නිවැරදි විසදුම් හඳුනාගත යුතුය. රසායනික පොහොර භාවිතය අත්හැරීමෙන් නිෂ්පාදනය අඩුවනු ඇතැයි ගොවීන් කල්පනා කිරීමට පිළිවන. එසේ වන්නේ නම් රසායනික පොහොර සහනාධාරයට වාර්ෂිකව වැය කෙරෙන රුපියල් බිලියන 50කට වැඩි මුදලින් අඩුවන ආදායම ගෙවන බවට” හානිපූර්ණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය උපුටා දැක්වීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

75 වන නිදහස් සමරුවට ඉන්දු-ශ්‍රී ලංකා ඒකාබද්ධ සැමරුමක්

Next Post

දිනකට වාර්තා කළ වැඩිම කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව වාර්තා

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.