රසායනික පොහොර ලබා දෙන ලෙස ජනාධිපති වරයාගෙන් ලිඛිතව ඉල්ලූ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්රීවරුන් ඉදිරි දින දෙක තුළ ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස කුට්ටිආරච්චි කියයි.
මේ වනවිට රට තුළ පොහොර ප්රශ්නයත් සමග උද්ගත වී ඇති විරෝධය පිළිබඳවත්, එක්වරම රසායනික පොහොර ආනයනය තහනම් කිරීමත් සමග ගොවීන් පත් වී ඇති දැඩි දුෂ්කරතාවය පිළිබඳවත් මෙහිදී කතා කිරීමට පසුපෙළ මන්ත්රීවරුන් සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව යම් සහනයක් ගොවි ජනතාවට ලැබෙනු ඇතැයි තිස්ස කුට්ටිආරච්චි මන්ත්රීවරයා විශ්වාස කරයි.