-
රටේ ප්‍රතික්‍රියක නෑ… ගෝලීය අරමුදලින් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අවශ්‍ය ප්‍රතික්‍රීයක ලංකාවට එවා තියනවා… එත් වරායෙන් නිදහස් කරගන්න මාසයක් විතර යාවි – එච්අයිවීි ඒඩ්ස් මර්දන ඒකකයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලි හෙට්ටිආරච්චි
රසායනික ප්‍රතික්‍රියක නොමැති වීම හේතුවෙන් එච් අයි වී ඒඩ්ස් මර්දන එකකයේ සිදුකරන පරික්ෂණයන් සිල්ලම මේවන විට ඇන හිට ඇතැයි වාර්තාවේ.
මේ හේතුවෙන් සමාජය තුළ එච්අයිවී ආසාදිතයින් ඉහළ යා හැකි බවත් සමාජ රෝග ව්‍යාප්තයි ඉහළ යා හැකි බවත් සමස්ත ලංකා හෙද නිධාරීන්‌ගේ සංගමයේ සභාපති එස් මැදිවත්ත සඳහන් කරයි.
මේ අනුව එච්අයිවී ආසාදිතයින් ඒඩ්ස් තත්ත්වයට පත්ව තිබෙන්නේද යන්න පිලිබඳව සොයා බැලීම සදහා සිදුකරන “ වෙස්ටන් බ්ලොට් පරික්ෂණය (western blot test ) එච්අයිවී ආසාදිත මවගෙන් තම දරුවාට වයිරස ආසාදන වී තිබේද යන්න පිලිබඳ සොයා බැලීමට සිදුකරන ඩීඑන්ඒ පීසීආර් පරික්ෂණ (DNA PCR test) රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී එම පුද්ගලයාට සමාජ රෝග තිබේද යන්න පිලිබඳව සිදුකරන පරික්ෂණ ඇතුළු ලිංගාශ්‍රිත රෝග සම්බන්ධ පරීක්ෂණ ගණනාවක්ම මේ වන විට නතර වී ඇතැයි හෙතෙම පෙන්වාදේ..
අප මේ සම්බන්ධයෙන් එච්අයිවීි ඒඩ්ස් මර්දන ඒකකයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලි හෙට්ටිආරච්චිගෙන් කළ විමසුමක දී ඇය සඳහන් කළේ මේ වන විට ප්‍රතීක්‍රීයක නොමැති බවත් එච්.අයී.වී, ක්ෂයරෝග සහ මැලේරියා මර්ධනය සම්බන්ධ ගෝලීය අරමුදලින් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කරන ලද ඉල්ලීම්වලට අනුව අවශ්‍ය ප්‍රතික්‍රීයක ලංකාවට එවා ඇති නමුත් ඒවා වරායෙන් නිදහස් කර ගැනීමට මාසයක පමණ කාලයක් ගතවනු ඇති බවත්ය.