අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සීතාට වෙඩි තැබූවේ රබර් උණ්ඩවලින් කී වනජීවියේ රෙදි ගැලවේ… දෙවැනි සැත්කමේ දී මිලිමීටර 6 යකඩ බෝල සිරුරින් හමුවේ…

by editor
ඔක්තෝබර් 17, 2023
in පුවත්
සීතාට දෙවැනි සැත්කම කරමින්...

සීතාට දෙවැනි සැත්කම කරමින්...

Share on FacebookShare on Twitter

වෙඩි ප්‍රහාරයකට ලක්ව දින 18 ක් ගතවූ පසුව පැය හතරක පමණ කාලයක් සැත්කමකට ලක් කළ සිතා ඇතින්න ගේ සිරුරේ තිබී මිලි මීටර 06 ක විශ්කම්භයෙන් යුත් යකඩ බෝලයක් සහ ඊයම් කැබලි කිහිපයක් හමුවී තිබේ.

වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් පසු සීතා ඇතින්නට සිදුකළ දෙවන සැත්කම මෙය ය.

ඇතින්නගේ සිරුරින් හමුවූ  මිලි මිටර හය යකඩ බෝල….

ක්‍රමයෙන් ඇතින්නගේ ශරීර සෞඛ්‍ය දුර්වල වන නිසා ශරීරයේ ලෝහ කොටස් ඇත්දැයි සොයා බලා ඒවා ඉවත් කිරීමට අවසර දෙන්නැයි අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම සැත්කම සිදුකළ බව විශේෂඥ වෛද්‍ය දංගොල්ල පැවසුවේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල   ඇතුළු වෛදය කණ්ඩායමක් විසින් අද (17) පෙරවරුවේ සිතා ඇතින්න සැත්කමකට ලක් කළ පසු මෙම ඊයම් බෝල ඉවත් කර ඇත

වෙඩි වැදුණු ස්ථානයක සිට සෙන්ටි මීටර් 03 ක් පමණ ඇතුළතින් යකඩ බෝලය තිබූ බව මහාචාර්ය දංගොල්ල   කීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සැත්කමට සූදානම් කළ ඇතින්න…

මෙම යකඩ බෝලය තවත් ඇතුළට ගමන් කළේ නම් පෙනහලු සහ හෘදය ට හානි වීමට තිබූ බවත් මේ ආකාර තවත් යකඩ බෝල උරස් කුහරයේ හෝපෙනහලු ආශ්‍රිතව තිබේද යන්න පිළිබඳව සැක මතුවන බවත් ඔහු කීවේය.

මේ ආකාර තවත් යකඩ බෝල ඇත්දැයි සොයා ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් වන නමුත් ඒ සඳහා අවශ්‍යය ස්කෑන් හෝ එක්ස් රේ යන්ත්‍ර නොමැති වීම බරපතළ ගැටලුවක් යැයි ද හෙතෙම අවධාරණය කළේය.

සතා දුර්වල වීම වලක්වා ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමුකර ප්‍රතිකාර ලබාදෙන බව ද මහාචාර්යවරයා පැවසුවේය.
රබර් උණ්ඩ යොදා ඇතින්නට වෙඩි තැබූ බවට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදුකළ ප්‍රකාශය අසත්‍යඑකක් බව දැන් හෙළිවී ඇතැයි ඇතින්නගෙ හිමිකරු වන එස්.එම්. රොෂාන්  පැවසුවේය.

සීතාට සැත්කම කළ වෛද්‍ය කණ්ඩායම…

ඇතින්නට වෙඩි ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේදීම අසත්‍ය ප්‍රචාර කරමින් වනජීවී නිලධාරීන් හා පොලීසිය මුළු රටම රැවටීමට උත්සාහ කළත් මේ වනවිට ඔවුන් ගේ නිරුවත හෙළිදරව් වී ඇතැයි ද ඔහු  පැවසීය.

මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ ජීව උණ්ඩ වලින් බව දැන් අනාවරණය වී ඇතැයි ද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ට මේ සම්බන්ධ වගකීමෙන් බැහැර වීමට නොහැකි බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

ඇතින්න සැත්කමට ලක් කළ යටිනුවර රණවන ප්‍රදේශයේ ඇත් ගාලට මහනුවර මූලස්ථාන පොලීසියේ අපරාධ ස්ථාන පරීක්ෂණ අංශයේ, මහියංගන පොලිසියේ හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ සිටියහ

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජීවතුන් අතර ඇතැයි විශ්වාස කළ ඊශ්‍රායලයේ දී අතුරුදහන් වූ අනුලා ජයතිලක  ඝාතනය වී ඇතැයි ඊශ්‍රයාලය තහවුරු කරයි…

Next Post

ශ්‍රී ලංකාවේ පාසල් ඩිජිටල්කරණය කිරීම සඳහා   චීනයේ හුවාවි (Huawei) සමාගම සමග ගිවිසුමක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.