වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ලඟ තිබී දුරකථනයක් සොයාගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක පවසයි.
මින් පෙරත් දුරකථන ලඟ තබා ගැනීමේ චෝදනා දෙකක් ඔහු වෙත එල්ල වූයේය.
අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිරදඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක දණහිසේ ඇතිවු ආබාධයක් හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට ඉදිරිපත් කිරිම සදහා 2021.11.10 වන දින කොළඹ වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරුකර එවා තිබිණි.
ප්‍රථිකාර සදහා බන්ධනාගාර රෝහලේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක බන්ධනාගාර රෝහලේ රාජකාරියේ නියුතු බන්ධනාගාර නිළධාරින් විසින් ඊයේ (21) දින රාත්‍රී 10.00ට පමණ සිදු කළ හදිසි සොදිසියක දි ඔහු සන්තකයේ තිබි ජංගම දුරකථනයක් හා හැන්ඩ් ෆ්‍රී 01, අත්අඩංගුවට තිබේ.
කෙසේ වෙතත් මේ දුරකථනය සොයා ගැනීමත් සමගම බන්ධනාගාර ආඥා පනතේ 78 වැනි වගන්තිය ප්‍රකාරව බන්ධනාගාර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියට රන්ජන් රාමනායක යොමු කරන බව ද එම ආරංචි මාර්ග හෙළි කළේය.