රත්මලාන දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් කර්මාන්ත ශාලාවේ දේපල සොරකම් කිරීමට පැමිණි පුද්ගලයින් තිදෙනෙකුට දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් වෙඩි තැබීමක් සිදුකර ඇති අතර ඉන් එක් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
අනෙක් දෙදෙනා වෙඩි තැබීම් මධ්‍යයේ පලා ගොස් ඇත.
මෙම සිද්ධිය වාර්තා වී ඇත්තේ ඊයේ ( 26) උදෑසනය. දේපල සොරකම් කීරීම වැළැක්වීමට ගිය දුම්රිය ආරක්ෂක නිලධාරියෙකුට පිහි පහරක් එල්ල කිරීමට යෑමත් සමග ඔහු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ අවුරුදු 51ක් වූ මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තුවාල ලද පුද්ගලයා මේ වනවිට පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටී.
පළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.







