කීර්ති ප්රනාන්දු –
වැසි සහිත තත්වය යටතේ දිස්ත්රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් නාය යෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබේ .
ඒ අනුව රත්නපුර දිස්ත්රික්කයේ රත්නපුර, කලවාන, ඇලපාත ,කුරුවිට, සහ ඇහැලියගොඩ යන ප්රදේශ සඳහා රතු නිවේදන නිකුත් කර ඇත .
ඊට අමතරව අවධානයෙන් සිටින ලෙස නිවේදනය කෑගල්ල දිස්ත්රික්කයේ දෙහිඕවිට ,බුලත්කොහුපිටිය , වරකපොල, සහ කෑගල්ල ,
මාතර දිස්ත්රික්කයේ කොටපොල සහ පිටබැද්දර . රත්නපුර දිස්ත්රික්කයේ කිරිල්ල, පැල්මඩුල්ල , අයගම ,නිවිතිගල , ප්රදේශ සදහා නිකුත් තිබේ .
ඊට අමතරව විමසිලිමත් වන ලෙස නිකුත් කළ ඇති නිවේදනයට අනුව කොළඹ දිස්ත්රික්කයේ සීතාවක සහ පාදුක්ක .
කළුතර දිස්ත්රික්කේ පාලින්ද නුවර, බුලත්සිංහල ,වලල්ලාවිට, ඉංගිරිය . මාතර දිස්ත්රික්කයේ අතුරලිය සහ පස්ගොඩ . ගාල්ල දිස්ත්රික්කයේ නාගොඩ ,බද්දේගම, යක්කලමුල්ල . රත්නපුර දිස්ත්රික්කයෙ ගොඩකවෙල, කහවත්ත . මහනුවර දිස්ත්රික්කයේ පස්බාගේ කෝරළේ . කෑගල්ල දිස්ත්රික්කයේ රුවන්වැල්ල, දැරණියගල ,යටියන්තොට . නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව යන ප්රදේශ සදහා නිවේදන නිකුත් කර තිබේ
එම නිවේදනය පහත දැක්වේ…
කාලගුණ නිවේදනය මෙතනින් බලන්න..