සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අත හැරිය නොහැකි සුවසැරිය !

by Lankasara News
මැයි 31, 2022
in පුවත්
Suwa Seriya
Share on FacebookShare on Twitter

සුවසැරිය ගිලන්රථ සේවය පිළිබඳව පසුගිය සතියේ ඇඟ හිරිවැටෙන කතාවක් අසන්නට ලැබුණි. ඒ, 1990 සුවසැරිය ගිලන් රථ සේවය වැසී යෑමට නියමිතය යන කතාවය. මෙම ගිලන් රථ සේවය වැසී යා හැකි යැයි කියන්නට සිදුව ඇත්තේ හිතලුවක් නිසා නොවේ. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ මේ මොහොතේ පවතින ප්‍රශ්නවලට අනුව 1990 සුවසැරිය ගිලන් රථ සේවය නොව අවශ්‍ය ඕනෑම වෙලාවක ඕනෑම අත්‍යාවශ්‍ය දෙයක් වැසී යෑමට, නිමා වීමට ඉඩ ඇති බව සාමාන්‍ය සත්‍යයකි. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මේ ඇඟ හිරිවැටෙනා කතාව පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණය කරන ලද්දේ මේ ආකාරයෙනි.
“මම ඉතාමත් ම වගකීමෙන් කියන්නේ ගරු අගමැතිතුමා සුවසැරිය දුවන්න සල්ලි නෑ. මට සභාපතිතුමා කිව්වා, අපි මොක ද හර්ෂ කරන්නේ? අද දවස වෙනකොට මිනිස්සු දහසකට වඩා එක දවසකට දැඩි සත්කාර ඒකකයට ගේනවා. මේ ලංකාවේ හැම තැන ම මිනිස්සු 1990 කෝල් කළාම මැරෙන්නේ නැතුව ජීවිතය බේර ගන්න තැනක ඉන්නවා. ඒකට සල්ලි ටික දෙන්න ගරු අගමැතිතුමා. ඒවා තමයි හදිසි අවශ්‍යතා කියන්නේ. ඒකට සල්ලි නැතුව දුවාගන්න විධියක් නැතුව හෙට වහයි ද දන්නේ නැහැ.”

මේ ආකාරයට, රටේ උද්ගතව ඇති උග්‍ර ආර්ථික අර්බුදයට සමගාමීව, ඉන්දීය රජයෙන් ලැබුණු මහඟු සම්පතක් වන සුවසැරිය සේවයට මෑත කාලීනව දැඩි බලපෑම් එල්ල වී ඇත. විශේෂයෙන්ම, සුවසැරිය ගිලන් රථ සේවයේ පැවැත්මට දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ මහා භාණ්ඩාගාරයෙන් ලබා දුන් රුපියල් මිලියන 80ක ප්‍රතිපාදනය රුපියල් මිලියන 30 දක්වා අඩු කිරීමයි. මේ සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ, එවකට මුදල් අමාත්‍ය අලි සබ්‍රි සමඟ සාකච්ඡා කළ බවය. ප්‍රමාණවත් පරිදි මුදල් ප්‍රතිපාදන ලබා දීමට මුදල් අමාත්‍යවරයා එහිදී එකඟ වූ බවද හෙතෙම සඳහන් කළේය. කෙසේ වුවද අමාත්‍යවරයා එහිදී පැවසුවේ සුවසැරිය සතුව රුපියල් මිලියන 600ක අරමුදලක් ඇති බවත් එසේ වුවද එම අරමුදල තිබියදීම අවශ්‍ය ප්‍රතිපාදන සැපයීමට රජය තීරණය කර ඇති බවයි.

ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී කියූ පරිදි ඉන්දියාව මෙරටට ලබාදුන් මාහැඟි සේවාවක් වන සුවසැරිය මෙසේ වැසීයෑමට ඉඩ දිය යුතුද? ඇත්තෙන්ම අචාර්ය හර්ෂට මේ ගැන පවතින මෙතරම් කැක්කුම කුමක්ද? ආචාර්ය සිල්වාට 1990 ගැන ඇත්තටම වේදනාවක් පවතින බව සැබෑවකි. ඒ, 1990 නිර්මාතෘ ලෙස එය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ පුරෝගාමියා ලෙස ඔහු වන බැවිනි . මෙය ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් දේශපාලකයන් විසින් රටට හඳුන්වා දෙන ලද අතිවිශිෂ්ට සේවයක් බව විවාදයක් නැත.සමහරු ඒ දවස්වල කියන්නේ යහ පාලන ආණ්ඩුව කරපු එකම හොඳ දේ මේ සුවසැරිය බවයි. ඒ තරමට එය ජනතාවට දැනෙන අත්‍යවශය සේවයක් වී ඇත.

එහෙත් සුවසැරිය ගිලන් රථ සේවාව ලංකාවට පැමිණෙන්නේ විශාල දුෂ්කරතා රාශියක් මැදය. එවකට සුවසැරියට ලංකාවට එන්නට නොදී එය අවහිර කරන්නට කටයුතු කළ අය බොහෝය. ඒ විරෝධතා පෝලිමේ මුලින්ම සිටියේ මෙවැනි ගිලන් රථ සේවයක අවශ්‍යතාව වැඩියෙන්ම වටහා ගත යුතු වෛද්‍ය ප්‍රජාවේ නියෝජනයකි. එනම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු කණ්ඩායම් රාශියක් මෙම සේවය ‘බිල්ලෙක්’ බව කියාපාමින් එය නවත්වන්නට උත්සාහ කළහ. සුවසැරිය වෙනුවෙන් ලැබෙන්නේ තත්ත්වයෙන් බාල ගිලන්රථ බවත්, ඒවායේ ඒවා තුළදී රෝගීන් මිය යා හැකි බවත්, රෝගීන්ගේ වකුගඩු පවා අතුරුදන් විය හැකි බවත් මෙම පාර්ශ්වයන් බොහෝ තැන්වල කියා තිබුණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

2016 ජූලි 29 වනදා ඉන්දීය රජයේ ආධාරයක් ලෙස බස්නාහිර සහ දකුණු පළාත්වලින් ආරම්භ වූ 1990 සුවසැරිය සේවාව මේ වන විට ලබා ඇති ප්‍රගතිය අතිමහත්. ඉන්දීය අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදිගේ මැදිහත්වීම මත ඉන්දීය රජයේ රජය ඇමෙරිකානු ඩොලර් මිලියන 23 ක නැවත නොගෙවන ප්‍රදානයක් ලෙස ලබාදුන් මෙම සේවය සිදුකළේ කිසිසේත්ම කියා ලියා නිමකළ නොහැකි සේවයක්. සුවසැරිය ඉන්දියාවේ ලාභ නොලබන වෘත්තීය සංවිධානයක් වන GVK EMRI රාජ්‍ය හවුල් වැඩසටහනක් ලෙස ස්ථාපිත කර තිබෙනවා.ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය හා සම්බන්ධ වෙමින් GVK EMRI Lanka සමාගම පිහිටුවීමත් සමඟ මෙරට තුළ මෙම සේවාව ආරම්භ විය. පළමු වසර තුළ සුවසැරිය පාලිත මධ්‍යස්ථානයට හදිසි ඇමතුම් 322,000කට අධික ප්‍රමාණයක් ලැබී ඇති අතර රෝගීන් 32,000කට අධික සංඛ්‍යාවක් වෙනුවෙන් සේවය ලබාදී ඇත. ඉන් ප්‍රධාන වශයෙන් හෘද රෝග, කම්පන සහ ආඝාත තත්ත්වයන් පවතින රෝගීන් වෙනුවෙන් ලබාදී ඇති ප්‍රතිකාර බහුල බව නිල දත්ත අනාවරණය කරයි.

දැනට සුවසැරිය ගිලන් රථ සේවාව හඳුන්වා දී වසර 6ක් පමණ ගතවී අවසන්. මේ වසර 6 ඇතුළත බොහෝ රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කරන්නට සුවසැරිය සමත්වී තිබේ. සාමාන්‍යයෙන් සුවසැරිය ගිලන් රථ සේවාවේ කාර්ය සම්බන්ධව හඳුන්වා දීමේදී මිනිත්තු 12කට අඩු කාලයකදී රෝගියෙක් රෝහල්ගත කිරීමේ මූලික කාර්යභාරය සුවසැරියෙන් සිදු වේ. එසේම සුවසැරිය ගිලන් රථය තුළ සහ සුවසැරිය ගිලන් රථ සේවකයන් පැමිණි වහාම අවශ්‍ය මූලික ප්‍රතිකාර සිදුකරන අතර එම මූලික ප්‍රතිකාර සිදුකිරීමේදී රෝගියාට ශාරීරික හානියක් නොවන ආකාරයෙන් සහ රෝගියාගේ අභ්‍යන්තර අවයවවලට කිසිදු හානියක් නොවන ආකාරයෙන් රෝහල්ගත කිරීම ඇතුළු බොහෝ සාමාන්‍ය මනුෂ්‍යයකුට කළ නොහැකි කාර්යයන් කිරීමට මෙම කාර්ය මණ්ඩල පුහුණු වී සිටි. එය මේ වන විට දිනකට ඇමතුම් 5,000කට අධික ප්‍රමාණයක් ලැබෙන තත්ත්වයට මෙම ගිලන් රථ සේවය පත්ව ඇත.

කෙසේ වෙතත්, අභියෝග රැසකට මුහුණදී සිටින සුවසැරිය ආරක්ෂා කර ගැනීමට නැවත වතාවක් ඉන්දියාව ඉදිරිපත්ව සිටි. ඒ ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනි. මේ වන විටත් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ තොග ලබාදීමට කටයුතු කරමින් සිටින ඉන්දීය රජය, ඊට අමතරව මෙම සතියේදී සුවසැරිය වෙනුවෙන්ද අවශ්‍ය කෙරෙන ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීමේ සුදානමින් පසුවෙයි. ආචාර්ය හර්ෂ පෙන්වාදෙන්නේ ලබන සිකුරාදා දිනයේ(03) මෙම ඖෂධ තොගය නිල වශයෙන් ශ්‍රී ලංකාවට බාරදීමට නියමිත බවය.ඔහු මීට අමතරව ශ්‍රි ලංකාවට අවශ්‍ය ඖෂධ ආදාර ලබා දෙන ලෙස ඉන්දීය විදේශ අමාත්‍ය ජේ ජයශංකර්ගෙන්ද ඉල්ලීම් කළ බව ඔහු පවසයි.

එම ඖෂධ තවත් මාසයක කාලයක් බාධාවකින් තොරව සුවසැරිය පවත්වාගෙන යාමට උපකාර කෙරෙන බව හෙතෙම සඳහන් කරයි. ඒ අනුව දැන් කළයුතුව ඇත්තේ නැවත නැවත අවදානමට ලක්නොකර මෙම රටට අත්‍යවශ්‍ය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමයි. එලෙස මෙම සේවය මතු පරම්පරාවන්ටද ප්‍රයෝජනයට ග තහැකි අයුරින් තවදුරටත් වැඩිදියුණු කිරීම ආණ්ඩු පක්ෂ විපක්ෂ භේදයකින් තොරව තේරී පත්වන සියලුම ජනතා නියෝජිතයන්ගේ අත්හැරිය නොහැකි වගකීමක්ද වන බව සිහිපත් කළයුතුය.

Share69Tweet43
Previous Post

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 05කට නායෙ යෑම් රතු නිවේදන නිකුත් කෙරේ…

Next Post

ලංකාවට ණය දෙන්න  ලෝක බැංකුව  රටක් ඇපයට ඉල්ලයි ! අපි වැටිච්ච තැන ගැන ආචාර්ය හර්ෂ කියයි…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.