බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රතන හාමුදුරුවෝ හිටපු ජනපති ප්‍රකාශය සම්බන්ධව විමර්ශනයක් ඉල්ලමින් සී.අයි.ඩී යති…

by editor
ජූනි 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  විසින් පසුගියදා  දෙරණ රූපවාහිණී නාලිකාවේ 360 වැඩසටහනට එක් වෙමින්  සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී  අතුරලියේ රතන හිමියෝ  අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  (CID) පැමිණිල්ලක් ගොනු කළහ.

අදාල රූපවාහිනී  වැඩසටහනට එක් වෙමින් හිටපු ජනාධිපති  වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී  මෛත්‍රීපාල සිරිසේන     කියා සිටියේ රෝයල් පාක් ඝාතනයේ  ඝාතකයා වූ ජූඩ් ශ‍්‍රමන්ත ජයමහට ජනාධිපති සමාව ලබාදීමට කිසියම් පුද්ගලයෙකු මුදල් ලබාගෙන ඇති බවට විමර්ශනයකින් හෙළිවුන බවය.

2005 වසරේ රාජගිරිය රෝයල් පාර්ක්  සුපිරි නිවාස  සංකීර්ණයේදී ඉවෝන් ජොන්සන් ඝාතනය කිරීමේ චෝදනාවට මරණ දඬුවම නියම වූ ශ්‍රමන්ත ජයමහට 2019 වසරේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  විසින් ජනාධිපති සමාව පිරිනමනු ලැබුවේය.

මෙම සමාව  ලබා දීමට තමන්ට  කරදරයක් තරමට බලපෑම් කළේ අතුරලියේ රතන හිමියන් බවත්, මේ කතෝලික පවුල සමග පැජට් පාරේ තමන්ගේ  නිවසට  පැමිණ  වෙලාවක් අවේලාවක් නොබලා  තමන්ට  ඇවිටිලි කළ බවත් හිටපු ජනාධිපතිවරයා කීවේය.

සම්මත පටිපාටියට අනුව ක්‍රියා කර මේ තරුණයා නිදහස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලැබුණු පසු නීතිඥ උපදෙස් ද විමසා තමන් ඊට අත්සන් කළ බව කී හිටපු ජනාධිපතිවරයා අනතුරුව  කෝටි ගණනක අල්ලසක් තමන් ගත් බවට සමාජයේ  කතාවක් පැන නැගුණ බව කීවේය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ඒ පිළිබඳව වහාම සොයා බලන්නැයි  බුද්ධි අංශ වලට නියෝග කළ විට  විට ජයමහ පවුලෙන් යම් මුදලක් යම් කෙනෙකු වෙත ලබා දී තිබුණු බව හෙළි වුනේ යැයි ඔහු පැවසුවේය.

නමුත්  ඒ මුදලින් සතයක්වත් තමන්  ලබාගෙන නැති බවත් එවැනි අපරාධ තම දේශපාලන ජීවිතයේ කිසි විටෙකත් සිදු නොවුන බවත්  කී හිටපු  ජනාධිපතිවරයා මේ මුදල ලබා ගන්නට ඇත්තේ මේ තරුණයා නිදහස් කරගැනීම සඳහා   දිවා රෑ නොබලා වෙහෙස වුණු පාර්ශවයක් විසින් බව විශ්වාස කරන බවත් කීවේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී රතන හිමියන් කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

ශ්‍රමන්ත ජයමහ   නිදහස් කර ගැනීමට තමන් බරපතල උත්සාහයක් කළ බවට හිටපු ජනපති නගන චෝදනාව    පූජ්‍ය රතන හිමයෝ හිමියෝ ප්‍රතික්ෂේප කළහ.

එය බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළත් විශේෂ මණ්ඩලයක් විසින් ගත් තීරණයක් බව රතන හිමියෝ කීහ. .

මේ සම්බන්ධයෙන් තමන්ට එල්ල වන චෝදනා අසාධාරණ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

අතුරලියේ රතන හිමිගේ සිවුර ගැලවෙයි… රෝයල් පාරක් තරුණයා නිදහස් වුන හැටි හිටපු ජනපති කියයි …

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිලධාරීන් තමන්ව ඇන්දූ බව  සෞඛ්‍ය ඇමති පිළිගනී…

Next Post

ඉන්දීය දූත පිරිස සහ ජනපති ගෝඨාභය හමුව ගැන ඉන්දීය මාධ්‍ය කී කතාව…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.