එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස්වරයාට අනුව, පෙබරවාරි 24 වන දින රුසියානු ආක්‍රමණය ආරම්භ වූ දා සිට පසුගිය බ්‍රහස්පතින්දා (03) වන විට මිලියන 1.2 කට වැඩි සරණාගතයින් යුක්රේනය හැර ගොස් තිබේ.
පලා ගිය සරණාගතයින් 1,209,976 න් අඩකට වඩා පෝලන්තයට ගොස් ඇත.
තවත් අය හංගේරියාව, ස්ලෝවැකියාව, මෝල්ඩෝවා සහ රුමේනියාව ඇතුළු අනෙකුත් අසල්වැසි රටවලට පැමිණ සිටිති.
එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට අනුව, පළමු සතිය තුළ මිලියනයකට වඩා රට හැර පළා ගොස් තිබේ.
තවත් බොහෝ දෙනෙක් රට අභ්‍යන්තරව අවතැන්වී සිටිති.
ඔවුහු “රට තුළ සහ ඉන් පිටතට ගමන් කරමින් සිටිති”. එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය කීවේය.







