අන්තර්ජාල මූල්‍ය අපරාධ සිදුකළ ඉන්දීය ජාතිකයින් දොළොස් දෙනකු මහනුවර අනිවත්ත ප්‍රදේශයෙන් අත් අඩංගුවට ගැනීමට පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
අනිවත්ත ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් මාසික ලක්ෂ තුනක කුළියට ගෙන මෙම අපරාධ කරගෙන ගිය සැකකරුවන් සතුව තිබී ලැප් ටොප් පරිගණක හතක්, මොනිටර් 23 ක් , ජංගම දුරකතක 50 ක්, රවුටර් 11 ක් සමඟ සිම් කාඩ්පත් තොගයක් පොලිස් අත් අඩංගුවට පත්ව තිබේ.
පසුගිය පෙබරවාරී මස මෙම නිවස කුලියට ගෙන අන්තර්ජාලය ඔස්සේ මුදලට ඔට්ටු ඇල්ලීමේ ජාවාරම මෙම අපරාධකරුවන් විසින් සිදුකර තිබෙන බවත් මෙරට තුළ පහසු ගනුදෙනු සඳහා රජයේ සහ පෞද්ගලික බැංකු කිහිපයක ගිණුම් ආරම්භ කර ඒ.ටී.එම් කාඩ්පත් 11 ලබාගෙන ඇති බවත් විමර්ශන අංශ අනාවරණය කරගෙන ඇත.
මහා පරිමානයෙන් සූදු ජාවාරම සිදුකර තිබෙන සැකකරුවන් ඔවුන්ට ආහාර පිසීම සඳහා ඉන්දියාවෙන් සූපවේදියෙකු ගෙන්වා ගෙන ඇතැයි ද පොලීසිය පවසයි.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් පොලිස් පරිගණක අපරාධ ඒකකය වෙත බාර දී ඇත.