සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 රට බංකොලොත්වීම නිසා හිරවුන විදේශ ආයෝජන යළිත් රටට – ඉදිකිරීම් ක්ෂේත්‍රයේත් ලොකු පිබිදීමක් – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර

by editor
දෙසැම්බර් 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලංකාව බංකොලොත්වීම නිසා මෙරට අයෝජනය කිරීමට නොහැකි වූ ආයතන රැසක් ළඟදීම තමන්ගේ අයෝජන මෙරටට ගෙන ඒමට කටයුතු කරන බවත්, එමගින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෙනදා නොවූ පිබිදීමක් ඇතිවන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර  පැවසීය.

නව අයෝජනයන් මෙරටට පැමිණිමත් සමඟ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීන් වල නියැලෙන පිරිසගේ ආදායම් මට්ටමද ඉහළ යනු ඇති බවත් එමගින් සමස්ථ ආර්ථිකයේම පිබිදීමක් සිදුවන බවත්  අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ මෙරට අවදිමත් අංශයේ රැකියා වල නිරතවන සියලුදෙනා හට ගෞරවනීය බවක් සහ සුරක්ෂිත බවක් ලබාදීමට දියත්කර ඇති “ගරු සරු” වැඩසටහන යටතේ  ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයින්ගේ  වෘත්තීය මට්ටම ඉහළ දැමීම හා වෘත්තීය සුරක්ෂිත බව ආරක්ෂා කිරීම පිළිබඳව පැවති සාකච්ඡාව අතරතුරදීය.

මෙහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය,

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අවුරුදු එකහාමාරකට විතර ඉස්සෙල්ලා අපිට මොන වැඩක්වත් තිබුනේ නැහැ. අපි හැමෝම ජීවත් වෙන්න අමාරු තැනකට වැටුනා. මොන කාර්මාන්තයක්වත් ක්‍රියාත්මක වුනේ නැහැ.

අදටත් ඉදි කිරීම් ක්ෂේත්‍රයේ නිසි ආරම්භයක් සිදුවෙලා නැහැ. තාමත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩකටයුතු සිදුවෙන්නේ ඉතාමත්ම සෙමින්. දැන් තමයි ටික ටික පටන් ගන්න හදන්නේ. ජනවාරි, පෙරබාරි, මාර්තු වෙනකොට තමයි රටේ ආර්ථිකයේ වෙනස ඇති කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ.

අපිට වැට් බදු ගහනවා, විදුලි බිල, ජල බිල, ජීවන වියදම වැඩී කියලා චෝදනා එල්ල වෙනවා. ඒත් මුකුත් නැතිව මේ රටේ මිනිස්ස මැරිල යන එක වලක්වා ගන්න අපිට පුළුවන් වුනා. ඒ වගේම අපි ටිකක් අමාරුවෙන් කාලය ගත කළා.  ඒත් දැන් ඇවිත් තියෙන්නේ මේ තත්ත්වයෙන් මිදෙන අවස්ථාවයි.

අපි ණය ගෙවනන් බැරිව බංකොලෙත් රාජ්‍ය විදිහට නම් කරපු රටක්. ඒත් අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලැබුනා. තව ටික දවසකින් අපිට අපි බංකොලොත් නෑ කියලා කියන්න හැකියා ලැබෙනවා.

ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට වලට අදාල සියලු එකඟතා අපිට ලැබෙමින් පවතිනවා. ඒත් එක්කම අපිට නව අයෝජන ගලා ඒම සිදුවෙනවා. එතකොට නව ඉදිරිකිරීම් ඇතිවෙනවා. ඒත් සමඟම සැහැල්ලු දුම්රිය මර්ගය ඉදිකරීම වගේ ව්‍යාපෘතිත් ආරම්භ වෙනවා.

මේවා සියල්ල සමඟ ව්‍යපෘති රැසක් ආරම්භ වෙනවා. මේ අතර ශ්‍රී ලංකාව බංකොලොත් කිව්ව නිසා ආයෝජනය කරන්න බැරිවුන ආයතන රැසක් නුදුරේදීම සිය අයෝජන මෙරටට ගෙන එන්න කටයුතු කරනවා. එතකොට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෙනදා නොවුනු පිපිදීමක් ඇතිවීමට නියමිතයි.

ජනතාව ඉල්ලුවා සිස්සටම් එක මාරු කරන්න කියලා. සිස්ටම් එක මාර කරනවා කියන්නේ ඔළු ගෙඩි මාරු කරන එක නෙමෙයි. එතනදි වෙන්න ඕනේ සිස්ටම් එක වෙනස් වීමයි ඒ නිසාමයි අපි මේ ආර්ථික වැඩපිළවෙල වෙනස් කරන්න කටයුතු කළේ.

ඡන්ද ඉලක්ක කරගෙන කටයුතු කිරීමේ ප්‍රතිපත්ති වෙනස් කළා. ඒ නිසාමයි මේ විදිහට විදුල බිල, බදු  වැඩි කරන්න කටයුතු කළේ. ඒවා ඡන්ද වලට ඉතාම නුසුදුසු තීරණ.

රාජ්‍ය සේවකයින් බඳවා ගැනීම නතර කළා. රටේ සල්ලි ආරක්ෂා කරන ව්‍යාපෘති විතරයි ක්‍රියාත්මක වෙන්නේ. මේ නිසාම ආර්ථික නව මානයකට යොමුවෙලා තියෙනවා. සියලුම ක්ෂේත්‍ර වල වෙනස්කම් කරනවා. ඉදිරි මාස කීපයේදී මෙරට ඉතිහාසයේ වැඩිම පනත් සංඛ්‍යාවක් සම්මත වෙන කාලය බවට පත්වෙනවා. මේ පනත් එක්කම පරණ ක්‍රමවේදයන් සියල්ලම වෙනස් වෙනවා.

සමහරු කියනවා විදේශ රටවල බදු අය කළාට ඒ රටවල තත්ත්වය නැහැ කියලා. හැබැයි මේවා එකපාරටම වෙනස් කරන්න බැහැ. මේ චක්‍රය කඩන තැනැත් තිබිය යුතුයි. ඒ තැනයි අපි දැන් සිටින්නේ. ඔබේ සියලුම බදු වැය කරන්නේ සංවර්ධන කටයුතු වලට විතරයි.

අනවශ්‍ය විදිහට පඩි ගෙවන්න අපි බදු සල්ල වැයකරන්නේ නැහැ. පාඩු ලබන ආයතන ඉවත් කරලා මේක දියණු රටක් කරන වැඩසටහනක් ආරම්භ කරලයි තියෙන්නේ.

ගරුසරු වැඩසටහන යටතේ ශ්‍රමය ගෞරවයක් මෙන්ම සාරවත් බවක් ලබාදීමටත් අපි අපෙක්ෂා කරනවා. එහිදී ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාලව ප්‍රමිතීන් සකස් කරනත් බලාපොරොත්තු වෙනවා.

Share69Tweet43
Previous Post

දිනකට කෝටි 36ක් සිගරට්වලට වියදම් කරන මිනිස්සු ඉන්න රටක්…

Next Post

කර්මාන්ත විශිෂ්ටතා  රන් සම්මානයෙන් ත්‍රී සිංහ සමූහය පිදුම් ලබයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.