ශ්‍රියානි විජේසිංහ –
හෙට (28) සිට කොළඹ හා ගම්පහ ස්ථාන 20ක දී රුපියල් 55 ට බිත්තර අලෙවි කිරීමට පියවර ගෙන තිබේ.
බිත්තර අවම මිලත් යටතේ අලෙවි කිරීම සම්බන්ධව කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ (26) බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් කිහිපයක් සමග කළ සාකච්ඡාවේ ප්‍රතිපලයක් ලෙස මෙම ව්‍යාපෘතිය දියත් වී ඇතැයි එම අමාත්‍යාංශය නිවේදනයය කරයි. .
මේ සඳහා ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයක ලොරි රථ 20ක් යෙදවීමට අදාළ නිශ්පාදන සංගම් පියවර ගෙන තිබේ.
ඒ අනුව කොළඹ නගරය අවට ස්ථාන වශයෙන් කොළඹ දුම්රිය ස්ථානය, දෙමට ගොඩ, කොම්පඤ්ඤ වීදිය, දෙහිවල, බත්තරමුල්ල, නුගේගොඩ, මහරගම , මීගොඩ හා නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන, ජාතික රූපවාහිනි සංස්ථාව අසල මංසන්ධිය, හෝමාගම දී මෙම බිත්තර අලෙවි කෙරේ.
එමෙන්ම වත්තල, ජාඇල, රාගම හා මීගමුව, කිරිබත්ගොඩ, කඩවත, පෑලියගොඩ නගරවල ද බිත්තර අලෙවි කිරීම සඳහා ලොරි රථ තැබීමට බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් තීරණය කර ඇත.