බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

G 20 මුල් පුටුව ඉන්දියාව ලෝක නායකත්වය සුදුසුකම උරගාන  ලිට්මස් පරීක්ෂාවක්ද?

by Lanka Sara Editor
දෙසැම්බර් 27, 2022
in දේශපාලන, සමාජ
Share on FacebookShare on Twitter

 

 

ඓතිහාසික කුඹල්ගාර් බලකොටුවට ඉහළින් පසුගිය දෙසැම්බර් 07 වෙනිදා හරියටම සරුංගල් 200ක්  පියාසර කෙරිණි. ඒ ලොව ප්‍රබලතම G20 රටවල් කණ්ඩායමේ නායකත්වය යටතේ ඉන්දියාව විසින් සංවිධානය කළ පළමු ආර්ථික සැසිවාරය සනිටුහන් කරමිනි. 2022 දෙසැම්බර් 01 වැනිදා ආරම්භ වූ සිය වසරක G20 ධුර කාලය තුළ ඉන්දියාව පුරා නගර 50ක G20 ජාතීන්ගේ කණ්ඩායම සහභාගී වන මෙවැනි රැස්වීම් 200ක් මෙම සරුංගල් සංකේතවත් කළේය. ඇත්ත වශයෙන්ම, මෙම සරුංගල්වල අහසට නැග්ම හා සමානව, ඉන්දියාවට ඉදිරි වසර වෙනුවෙන් G20 කණ්ඩායමේ නායකත්වය හිමි වීම, සමස්ත ලෝකයටම වත්මන් අභියෝග රැසකින් ගොඩ ඒමට ලැබුණු සාධනීය අපේක්ෂාවක් බවට භූ දේශපාලන හා ආර්ථික විශ්ලේෂකයන් සිදුකරන ප්‍රකාශවල අසත්‍යයක් නැත.

G20 කණ්ඩායම හෙවත් රටවල් 19ක සහ යුරෝපීය සංගමයේ මිශ්‍රණය ලොවට සැබෑ බලාපොරොත්තුවක් තැබිය හැකි මධ්‍යස්ථානයක් බවට මේ වන විට පත්ව තිබේ. G20හි වැදගත්කම පවතින්නේ සංවර්ධිත ආර්ථිකයන් සමූහයක් වන G7 කණ්ඩායමට වෙනස් ව මෙමගින් එකට කාණ්ඩගත කර ඇති ජාතීන්වල විවිධත්වය තුළ ය. G20 විසින් ගෝලීය දකුණට (ලතින් ඇමරිකාව, ආසියාව, අප්‍රිකාව සහ ඕෂනියාව තුළ කලාප) හඬක් ලබා දෙන අතර, එහි සාමාජික රටවල් එක්ව ගෝලීය ජනගහණයෙන් සියයට 60 කට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කරයි. ඒ නිසාම G7හි සිටින ලෝක බලවතුන්ට, බොහෝවිට තමන් විසින් මගහැර යන ගෝලීය දකුණ පිළිබඳ ව, තමන් නැවත සාමාජිකත්වය දරන G20 කණ්ඩායම තුළදී අනිවාර්යයෙන්ම මැදිහත් වීමට සිදුවේ. ලෝකයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 85 ක් පමණ සහ ගෝලීය වෙළඳාමෙන් සියයට 75 කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන කණ්ඩායමක් තුළ G7 සාමාජිකයන්ට එලෙස කරහැර යෑමේ අවස්ථාව ඉතා අඩු බවද පෙන්වාදිය යුතුය. දැන් ඉන්දියාව විසින් තමන්ට ලැබුණු G20 කණ්ඩායමේ සභාපතිත්වයත් සමගින් රට පුරා අමාත්‍යවරුන්, ලේකම්වරුන්, මහ බැංකු අධිපතිවරුන්, අන්තර්ජාතික සංවිධානවල විවිධ ක්‍රියාකාරී කණ්ඩායම් එක්රැස් කරගනිමින් සමුළු 200ක් සැලසුම කර ඇත්තේ ලෝක බලවතුන් හට වගකීමෙන් ගැලවීගත නොහැකි මෙම G20 වේදිකාව මතදී, ඉදිරි වසරක කාලය තුළ ගෝලීය අභියෝග රැසකට විසඳුම් ලබාදීම වෙනුවෙනි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

 

එසේම එය රටවල් සම්බන්ධයෙන් පමණක් නොව, ලොව නිරන්තරයෙන් ඇසෙන සහ විවාදයට ලක්වන විවිධ හඬවල්වල ප්‍රබල මිශ්‍රණයක් නිර්මාණය කරයි. එසේ නම්, ඉන්දියාවේ සභාපතිත්වය යටතේ G20 කණ්ඩායම හරහා අවධානයට ලක්කළ හැකි ප්‍රධාන ක්ෂේත්‍රයන් මොනවාද? ඒ අනුව විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය ලබාදිය යුතුය යන ඉන්දියාවේ ප්‍රධානම ඉල්ලීම කෙරෙහි මෙහිදී පැහැදිලිවම අවධානය යොමුකළ හැකිය. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගත් කල, ඉන්දියාව පසුවන්නේ, එය ලෝක ප්‍රජාව එක්ව කඩිනමින් විසඳුම් ලබාදිය යුතු ප්‍රශ්නයක් ලෙසය. නව සහශ්‍රකයේ ගෙවීගිය දශක දෙකහමාරකට ආසන්න කාලයේදී ඉන්දියාව අවට පවතින සියලුම කුඩා රටවල් සංවර්ධන මාවතේ යම් දුරක් ගමන් කළද, චීනය වැනි වාණිජ හා උපායමාර්ගික මැදිහත්කරුවන්ගේ අනවශ්‍ය මැදිහත්වීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය අවගමනය වූ බව අමුතුවෙන් කිවයුතු නැත. ඉන්දියාව දිගින් දිගටම අනතුරු ඇගවීම් සිදුකළද ශ්‍රී ලංකාව සිය වෙළඳ හවුල්කරුවන් තෝරාගැනීමේදී දේශපාලකයන්ගේ විෂම හස්තයට නතුවී ඇති නිසා, අද වන විට රට මුහුණදෙමින් සිටින්නේ, නිදහසින් පසුව උද්ගතවූ දරුණුතම ආර්ථික අර්බුදයටය. ඒ අනුව G20 නායකත්ව වසර වෙනුවෙන් ඉන්දියාව තෝරාගෙන ඇති ‘එක් පෘථිවියක්, එක් පවුලක්, එක් අනාගතයක්’ යන තේමාව යටතේ ශ්‍රී ලංකාවට නැවත හිස එසවීමට සහාය ලබාදීම සඳහා ගෝලීය ප්‍රජාවගේ දැඩි අවධානය යොමුකරවීමට ඉන්දියාවට සිය සභාපතිත්වය හරහා හොඳ අවස්ථාවක් ලැබී ඇත.

 

සමස්තයක් ලෙස ගත්කල, G20 රටවල්ද ඇතුලත්වන පරිදි, ගෝලීය ප්‍රමුඛතාවයේ තීරණාත්මක ගැටළු තුනක් IMF හි පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ගීතා ගෝපිනාත් විසින් පසුගිය දෙසැම්බර් 14 වන දින පෙන්වා දුන්නාය.

“පළමුවැන්න ණය අර්බුදයයි. ණය පීඩාවට පත්ව සිටින අඩු ආදායම්ලාභී රටවල් විශාල සංඛ්‍යාවක් අප සතුව ඇති අතර, එම ගැටලුවට උපකාර කිරීම සඳහා අපට G20 පොදු රාමුව භාවිත කළ හැකිය. වඩාත් කාලෝචිත විසඳුමක් ලබා ගැනීම සඳහා අපි G20 යාන්ත්‍රණයේ ශක්තිය වැඩිදියුණු කළ යුතුය. දෙවන සහ තුන්වන ක්ෂේත්‍ර වන්නේ දේශගුණ විපර්යාස සහ ලෝකයට අනවශ්‍ය යුදමය තත්වයන්ය.” යැයි ගීතා ගෝපිනාත් එහිදී අවධාරණය කළාය. එය අසත්‍යයක් නොවේ. එහිදී සංවර්ධනය වෙමින් පවතින රටවලට දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වීමට සහ දේශගුණික විපර්යාස අවම කිරීමට දායක වීමට අනිවාර්යයෙන් ඉහළ මූල්‍ය ආධාර අවශ්‍ය වේ. අනෙක් අතට යුක්රේන යුද්ධයයි. එක්සත් ජනපදය සහ යුරෝපා රටවල් යුක්රේන පාර්ශ්වය සහ චීනය රුසියානු පාර්ශවයට සහාය පළකලද, යුක්රේන යුද්ධයේදී ඉන්දියාව, ආරම්භයේ සිටම පසුවූයේ ස්වාධින මතයකය. ක්වාඩ් සංවිධානය හරහා එක්සත් ජනපදය සමග චීනයේ ලෝක මැදිහත්වීම් සම්බන්ධයෙන් ප්‍රධාන භූමිකාවක් ඉටුකළද, ඉන්දියාව කිසිදු අවස්ථාවක යුක්රේන යුද්ධය සම්බධයෙන් එක්සත් ජනපදයේ රුසියානු විරෝධී ස්ථාවරයට සහයෝගය පලනොකළේය. අනෙක් අතට අවි ආයුධ(මේ වන විට ප්‍රධාන වශයෙන් ඉන්ධන) වැනි ක්ෂේත්‍ර රැසකදී රුසියාවේ සමීපතම වෙළඳ හවුල්කරුවකු වුවද, යුක්රේනය ආක්‍රමණය කිරීමේ රුසියානු ස්ථාවරයට ඉන්දියාව කිසිදු අවස්ථාවක අනුබලය ලබාදුන්නේ නැත. ඒ වෙනුවට පසුගිය සැප්තැම්බරයේ රුසියානු නායක ව්ලැඩ්මීර් පුටින් හමුවූ අවස්ථාවේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අවධාරණය කරන ලද්දේ ‘මෙය යුද්ධයේ සමයක් නොවන බව’ පවසමිනි.

 

ඉන්දියාවට G20 කණ්ඩායමේ නායකත්වය ලබාදීමේදී ලෝක නායකයන් විසින් අපේක්ෂා කරන ලද ප්‍රධානතම අරමුණක් බවට පත්ව ඇත්තේද, විශේෂයෙන් ගෝලීය ආහාර සහ ඉන්ධන සැපයුම් දාම වලට බරපතල බාධාවන් එල්ල කර ඇති යුක්රේන යුද්ධයය නිමාකිරීම කෙරෙහිය. යුද්ධය කඩිනමින් අවසන් නොකෙරුණහොත්, රුසියානු ඉන්ධන සැපයුම නොමැතිව යාබද යුරෝපය ඉදිරි වසර කිහිපයේදී දැඩි අර්බුදයකට මුහුණදිය හැකි බවට දැනටමත් පෙරමග සලකුණු ප්‍රදර්ශනය වෙමින් තිබේ. එමනිසා G20 නායකත්වය ඉන්දියාවට ලබාදීමේදී විශේෂයෙන් ජර්මනිය සහ ප්‍රංශය වැනි බලවතුන් අවධාරණය කර ඇත්තේ, ඉන්දියාවේ යුක්රේන යුද්ධය පිලිබඳ ස්ථාවරය, උපයෝගී කරගමිනින්, යුද්ධය අවසන් කිරීමේ මැදිහත්කරුවකු ලෙස ඉන්දියාව භාවිත කිරීමට ලෝක ප්‍රජාවගේ අනුමැතිය හිමිවිය යුතු බවයි. නිල වශයනේ ප්‍රකාශ නොකෙරුණද, එක්සත් ජනපදයද සිය ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය හරහා ව්‍යාප්ත කරමින් සිටින්නේ එම මතයමය.

 

මෙහිදී සිය G20 සභාපතිත්වයේ අරමුණු වාඩාත් පැහැදිලි කරන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ අදහස් වලට සවන්දුනහොත් ඇත්තෙන්ම ඉන්දියාවට මෙම G20 නායකත්වය යටතේ ඉලක්ක කර ඇති අරමුණු වෙත යාහකිද නැද්ද යන්න පිළිබඳව පැහැදිලි අදහසක් ලබාගත හැකිය. G20 සභාපතිත්වය නිල වශයෙන් භාරගනිමින් මේ මාසය මුලදී අගමැතිවරයා පෙන්වා දුන්නේ, ලොව භූ-දේශපාලනික ආතතීන් ගෝලීය කඩාකප්පල් කිරීම්වලට තුඩු නොදෙන පරිදි ආහාර, පොහොර සහ වෛද්‍ය නිෂ්පාදනවල ගෝලීය සැපයුම දේශපාලනීකරණයෙන් ඉවත් කිරීම ඉන්දියාව ඉදිරි වසර තුළ ඉලක්ක කර ඇති බවයි.

“අපගේම පවුල්වල යය මෙන් සළකා, ලොව පුරා අවශ්‍යතා වැඩිම ජනයා කෙරෙහි සෑම විටම අපගේ පළමු සැලකිල්ල යොමුවිය යුතුය,” මෝදි පැවසීය.

G20 සාමාජිකයෝ බාලි හි පැවති සමුළුවේදී, ලොව ගල් අඟුරු භාවිතය අඛණ්ඩව අඩු කිරීමේ උත්සාහයන් වේගවත් කිරීම ඇතුළුව ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් 1.5 දක්වා සීමා කිරීමේ උත්සාහයන් අනුගමනය කිරීමට එකඟ වූහ. ලොව දෙවන විශාලතම ගල් අඟුරු පාරිභෝගිකයා වන ඉන්දියාව, සිය ප්‍රතිඥාව සපුරාලීම සඳහා 2070 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචනය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන්, පිරිසිදු ඉන්ධන සඳහා පියවරෙන් පියවර සංක්‍රමණය වීමට සහ ගෘහ පරිභෝජනය කප්පාදු කිරීමට ප්‍රමුඛත්වය ලබාදෙන බව එහිදී අවධාරණය කළේය.

“අපගේ G20 ප්‍රමුඛතාවන් සකස්විය යුත්තේ, අපගේ G20 සාමාජිකයන්ගේ අදහස් වලින් පමණක් නොව, බොහෝ විට හඬ නොඇසෙන ගෝලීය දකුණේ සිටින අපගේ සෙසු ජාතීන්ගේද අදහස් සමගිනි.” යන්න එහිදී අගමැති මෝදිගේ අදහස විය.

 

ඉන්දියාවේ අරමුණ පැහැදිලිය. G20 සභාපතිත්වය යටතේ සාමකාමී සහ එකිනෙකා කෙරෙහි අවධානය යොමුකරගන්නා ලෝකයක් ඉන්දියාවේ ඉලක්කය වී ඇත. ඒ අනුව තීරණාත්මක ඉදිරි වසරක කාලය, ඉන්දියාව විසින් ලෝකයට නව නායකත්වයක් ලබාදෙන ආකාරය සහ ලෝකයට නව විකල්ප නායකත්වයක් ලබාදීම සඳහා ඉන්දියාව කෙතරම් දුරකට සුදුසුකම් සපුරා ඇද්ද යන්න  ප්‍රදර්ශනය කරවන ලිට්මස් පරීක්ෂණ කාලසීමාවකට සමාන වනු ඇත.

Share69Tweet43
Previous Post

මගෙ අනාගතයට හානි වුනා කියලා මා විශ්වාස කරන්නෙ නෑ… තිලිණි ප්‍රියමාලි….

Next Post

රට පුරා ස්ථාන 20ක දී හෙට සිට රුපියල් 55ට බිත්තර…

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.