තමන්ගේ අනාගතයට කිසිම බාධාවක් සිදුව ඇතැයි තමන් විශ්වාස නොකරන බවත් අධිකරණය සියලු දේ විසඳනු ඇති බවත් රුපියල් බිලියන ගණනක වංචාවකට බන්ධනාගාරගත වුණු තිලිණි ප්‍රියමාලි ඇප මත නිදහස්ව බන්ධනාගාරයෙන් පිටවී යද්දී අද මාධ්‍ය අමතා ප්‍රකාශ කළාය.
ඇය පැවසුවේ බන්ධනාගාරය තුළ තමන් විවේකීව සිටි බවත් මාධ්‍ය වාර්තා කළ ආකාරයේ බරපතල සිදුවීම් කිසිවක් බන්ධනාගාරය තුළ දී සිදු නොවුන බවත්ය.
මුදල් වංචාවන් සම්බන්ධ නඩු විශාල ප්‍රමාණයක් අධිකරණයේ පවතින බව පැවසූ තිළිණි ප්‍රියමාලි එවැනි චෝදනාවකට ලක් වූ තමන් මේ තරම් ප්‍රසිද්ධ වූයේ කුමක් නිසා දැයි නොදන්නා බව කීවාය.
බී වාර්තාවකින් බන්ධනාගාරගත කළ තමාගේ නඩු අසා වරදකරු කර මාධ්‍ය මගින් තමන්ට දඬුවම් ද දුන් බව කී තිලිණි ප්‍රියමාලි තමනට නිර්දෝෂී භාවයේ පූරුව නිගමනයෙන් ඉටුවිය යුතු සාධාරණය ඉටු නොවුන බව පැවසුවාය..
ඇය කීවේ මෙසේය.
මම ඉතාම හොඳින් ඉන්නවා. ඉතාමත් විවේකි සුවයෙන් මම බන්ධනාගාරය ඇතුළෙදී සිටියා. මගේ සුවය ගැන කියනවා නම් මම හොඳන් හිටියා. මම රෝගී තත්ත්වයෙන් ඉන්නවා කියලා වාර්තා වුණේ කොහොමද කියලා මම දන්නේ නැහැ.”
මුදල් වංචා කියන නඩුවට අද මම ඇප මත නිදහස්වෙලා යන්නේ. ඉතින් මෙවැනි නඩු ලංකාවේ ගොඩක් තියෙනවා.. මම දන්නා තරමින්. නඩු ගොඩකට ඇප අරගෙන යනවා සහ මෙවැනි නඩු ගොඩක් අධිකරණයේ විභාග වෙනවා. මටත් එවැනි නඩුවක් තිබුණේ. ඉතින් එවැනිම නඩුවක් තිබිලා මම දන්නේ නැහැ. ඇයි මාව මේ තරම් ප්‍රසිද්ධ වුණේ කියලා. මම හිතන්නේ මාස දෙකහමාරක් පුරාවටම මාධ්‍යයෙන් මේවා වාර්තා කළා.”
“B වාර්තාවකින් මාව ඉස්සෙල්ලාම රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනකොටම මම වැරදි කාරයෙක් සහ මට දඬුවම් දීලා. කරන්න තියෙන සියලුම දේවල් ටික කරලා ඉවර වුණා මාධ්‍යයෙන්. නමුත් මට නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය කියන එකේදී ලොකු අසාධාරණයක් සිද්ධ වුණා.”
ඔබට මේ චෝදනා එල්ල කරනු ලැබුවේ ඔබ සමග ගනුදෙනු කළ උදවියම නොවේ දැයි මාධ්‍ය ඇයගෙන් විමසුවේය.
“ගනුදෙනු කරපු අය මා එක්ක තරහයි නම් ඒ අය කවදාවත් මම හොඳයි කියලා කියන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ හැම දේම අධිකරණයේ තියෙන නඩු කටයුතු. මම තවම ඇප මත නිදහස්ව ඉන්න කෙනෙක් මිසක් නඩුවෙන් නිදහස් වුණා නෙමෙයි.”
සියලු දේ අධිකරණය විසින් විසඳනු ඇතැයි ඇය පැවසුවාය.