චීනය පුරා සීඝ්‍රයෙන් කොරෝනා වෛරසය පැතිරයාමට හේතුවන එරට නිෂ්පාදනය කළ කොරෝනා මර්ධන එන්නත් වල ඵලදායීතාවයේ පවතින අඩුපාඩු දැඩි සැකයක් මතුවී ඇති බව ටිබෙන් ප්‍රෙස් වෙබ් අඩවිය වාර්තා කරයි.
ඒ අනුව මෙම තත්ත්වය චීනයේ නිෂ්පාදිත කොරෝනා මර්ධන එන්නත් භාවිතා කළ රටවලද කනස්සල්ලට හේතුවී ඇති බවත් ඇතැම් රටවල් සිය දැඩි අවධානය මේවෙත යොමුකර ඇති බවද අදාල වෙබ් අඩවිය සඳන් කරයි.
මේ අතර චීනයේ නිෂ්පාදිත කොරෝනා මර්ධන එන්නත් වල ඵලදායී බව සොයා බැලීමට කළ සමීක්ෂණය පදනම්ව සකස්කළ වාර්තාවකට චීනයේ හුබෙයි පළාතේ එන්ත්කරණයට ලක්වූ ජනතාවට අතර උණ, ඔක්කාරය, පාචනය, සහ මරණ ඇතුළු බලපෑම් සිදුව ඇති බවටද අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් චීනයේ නිෂ්පාදිත කොරෝනා මර්ධන එන්නත හදිසි භාවිත සඳහා අනුමැති ලබා දුන් අතර එහිදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක ජනාතාව එන්නත් කරණයට මෙම එන්නත යොදා ගනු ලැබීය.
මේ අතර චීන එන්තත් ලබාගත් පුද්ගලයින් අතර සීඝ්‍රෙයන් කොරෝනා වෛරසය පැතිරයාම් වාර්තාවීමත් සමග රටවල් එම එන්නතේ ඵලදායීතාවය පිළිබඳ ප්‍රශ්න කිරීම ආර්ම්භ කර ඇති බවද අදාල වෙබ් අඩවිය සඳහන් කරයි. එම වෙබ් අඩවිය දක්වන ආකාරයට තායිලන්තය සහ සිංගප්පූරුව විසින් චීන එන්නත් ලබාදීම සමූපර්ණයෙන්ම නවතා දමා ඇත.
එහිදී එම රාජ්‍යයන් විසින් චීන එන්නත් වෙනුවට ඇස්ට්‍රාසෙනිකා එන්නත සහ ෆයිසර් එන්නත් ලබාදීමට පියවරගෙන ඇති බවත් අදාල වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරයි.