බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“බස් මෑන්” කීවාට මං සැලෙන්නෙ නෑ – සජිත්ගෙන් 50 වෙනි බස් එක තඹුත්තේගම ජාතික පාසලට

by Lankasara News
දෙසැම්බර් 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පාසල් තුළ දේශපාලනයට, ව්‍යාපාරවලට සම්බන්ධ ඇතැම් ආදි සිසුන් හිටියත් තමන්ගේ පාසලේ දියුණුව වෙනුවෙන් කිසිවක් නොකරන බවත් බස් රථ නොමිලේ ලබා දීම නිසා ‘බස් මෑන්’ යනුවෙන් තමා හැදින්වූවත් එම අවලාද, අපහාස කිසිසේතම තමා විසින් නොතකන බවත් මහත්මා ගාන්ධි විසින් පැවසූ ආකාරයට වැඩ කරන මිනිස්සු සහ ලකුණු දා ගන්න මිනිස්සු යනුවෙන් දෙකොටසක් සිටින බවත් එම නිසා ලකුණු දා ගන්නා මිනිස්සු කෙතරම් සිටියත් වැඩ කරන මිනිස්සු එක්ක සිටගෙන රට වෙනුවෙන් යමක් කිරීමට ඕනෑම වෙලාවක් සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාසල්වලට බස්රථ ලබා දීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට උනන්දු කළේ හිටපු අමාත්‍යවරයකු වන අර්ල් ගුණසේකර මහතා බවත් මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමේ දී සෑම වසරකම සෑම පාසලකම දූ දරුවන්ගෙන් විවිධ ප්‍රවාහන අවශ්‍යතා සඳහා විශාල වශයෙන් මුදල් එකතු කරන බවත් මේ තත්ත්වය නිදහස් නිවහල් හා නොමිලේ අධ්‍යාපනය ලබා දීම යථාර්ථයක් බවට පත් කිරීමට බාධාවක් බවත් එම නිසා පාසල් සඳහා නොමිලේ බස් රථ ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කර මේ වන විට බස් රථ 50ක් ලබා දීම සිදු කර ඇති බවත් මේ නිසා පාසල් දූ දරුවන්ගේ බාහිර ක්‍රියාකාරකම් සඳහා දෙමාපියන්ට වියදම් කිරීමට සිදුවන මුදල් ප්‍රමාණය මේ නිසා අඩුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සක්වල වැඩසටහන යටතේ මෙරට පාසල් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා නොමිලේ බස් රථ බෙදා දීමේ වැඩසටහනේ 50 වැනි බස් රථය බෙදා දීම වෙනුවෙන් අද (27) තබුත්තේගම විද්‍යාලයේ පැවැති උත්සවයක දි මේ බව පැවසීය.

බස්වලින් මිනිසුන් දසදහස් ගණනක් එකතු කර රැස්වීම් පවත්වා ලකුණු දා ගන්නවා වෙනුවට මහපොළොවේ වැඩ කිරීමට තමන් සුදානම් බවත් මේ අවස්ථාවේ අප රටට අවශ්‍ය වන්නෙත් වැඩ කරන මිනිස්සු බවත් ඒ මිනිස්සු සමඟ නැවත රට ගොඩනැගීමට තමන් සූදානම් බවත් විපක්ෂ නායකවරයා එහි දී අවධාරණය කර සිටියේය. වත්මන් රජය කැබිනට් අනුමැති අරගෙන අප රට දුප්පත් රටක් බවට නම් කර ඇති බවත් එය විහිළුවට කරුණක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ අප රටේ අධ්‍යාපනය ශක්තිමත් කරනවා වෙනුවට සිරගෙවල් සකස් කිරීමට පාලකයන් කටයුතු කර ඇති බවයි. නමුත් අමතක නොකළ යුත්තේ එක් පාසලක් විවෘත වන විට සිරගෙවල් කිහිපයක් වුව වසා දැමිය හැකි බවයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

එමෙන් ම රට විනාශ කළ පුද්ගලයන් රතු පලසේ වැඩම්මවා ඉන්නා ඇතැම් පුද්ගලයන් රටට වැඩ කරන පුද්ගලයන්ට මඩ ගසන බවත් ඔවුන්ට කියන්නට ඇත්තේ මඩ දේශපාලනයෙන් ඉවත් වී ජනතාවට සැබෑ සේවයක් කරන ලෙසත් ඔවුන් කෙතරම් මඩ ගැසුවත් මෙම බස්රථ ලබා දීමේ වැඩසටහන කිසිසේත්ම නතර නොකරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රට විනාශ කළ පුද්ගලයන්ගේ තනතුරු වරප්‍රසාද වරදාන ලබා ගෙන වැජබෙන්නට අවස්ථාව ලැබුණත් ප්‍රතිපත්තියක් ලෙස හොරු සමඟ ගනුදෙනු නොකරන නිසා ස්වෝත්සාහයෙන්ම ජනතාව සමඟ එකට එකතු වී රට ගොඩනැගීමට කටයුතු කරන බවත් පැවසීය.

එසේ ම මීට පෙර ජනතාව සිය ඉල්ලීම් ඉල්ලා සිටියේ ජනාධිපති, අගමැති හෝ ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් බවත් එහෙත් මේ වන විට විපක්ෂ නායකගෙන් සිය දුක්ගැනවිලි කියා ඉල්ලීම් ඉදිරිපත් කරන බවත් එයට හේතුව පසුගිය වසර 74ට සාපේක්ෂව වත්මන් විපක්ෂ ජනතාවගේ දුක් ගැනවිලි කෙරෙහි අවධානය යොමු කර විශාල සේවාවක් සිදු කිරීම බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ උනුත් එකයි මුනුත් එකයි කිව්වට එය වත්මන් විපක්ෂයට කිසිසේත්ම අදාළ නොවන බවත්ය.

බංකොලොත් වී ඇති අප රටේ තවමත් ගල්අගුරුවලින්, බෙහෙත්වලින් ගසාකෑම් සිදුවන බවත් මේවා සියල්ල චෞර ගනුදෙනු බවත් එසේ ගසාකන ගමන් ජනතාව මත බදු බර පැටවීම අනුමත නොකරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ රජය පදික වෙළෙදුන්ගෙන් පවා බදු ගැසීමට සූදානම් බවයි.

Share69Tweet43
Previous Post

චීනය පුරා ආසාදියින් ඉහළයාමත් සමග චීන කොරෝනා එන්නත් වළ ඵලදායිතාවය ගැන සැයකයක් මතුවෙයි ?

Next Post

ලාඩක් දේශසීමාව ගැන ඉන්දු චීන ආරක්ෂක නායකියින් සාකච්ඡාවක

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.