රාජ්‍ය සේවකයින්ගේ සහ විශ්‍රාමිකයින්ගේ මාසික වැටුප් ගෙවා අනිවාර්යයෙන් පවත්වා ගත යුතු සමාජ සුබ සාධනයන් පවත්වා ගැනීම සඳහා පමණක් මුළු රාජ්‍ය ආදායම වියදම් කිරීමෙන් අනතුරුව දිනකට ලක්ෂ 4000ක් රට ණය විය යුතු බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන පෙන්වා දෙයි
ණය පොලී ගෙවීම්, ණය ගෙවීම සහ වෙනත් රාජ්‍ය වියදම් මීට අන්තර්ගත නොවන බව ද ලේකම්වරයා පවසයි.
රජ්‍ය මූල්‍ය අංශය ඒ තරම් බිහිසුණු අගාධයක් වෙත ඇද වැටී ඇති ආකාරය ලේකම්වරයා විසින් පෙන්වා දුන්නේ රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීම සඳහා ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මකවන නව බදු ප්‍රතිපත්ති පිළිබඳව අද (23) මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ය.
“මාසිකව රු.බිලියන 145ක ආදායමක් ලැබෙනවා. නමුත් බලන්න වියදම. පඩි ගෙවන්න යනවා රුපියල් බිලියන 93ක්. විශ්‍රාම වැටුප් ගෙවන්න යනවා රුපියල් බිලියන 27ක්. සමෘද්ධිය දීමනාවලට බිලියන 6ක් යනවා. ඒ ආදී වශයෙන් සමාජ සුබසාධනයටත් යනවා විශාල ප්‍රමාණයක්. මේ සියල්ල කරන්න ආසන්නව රු. බිලියන 157ක්.
අපිට දළ වශයෙන් ආදායමක් විදිහට ලැබෙන්නෙ රුපියල් බිලියන 145ක්. ඒ ටිකටත් අපට ණය ගන්න සිද්ධ වෙනවා. මෙතනදි පොලිය ගෙවන්න, ණය ආපසු ගෙවන්න සහ අනෙකුත් වියදම් කරන්න ගෙවීම් සහ අනෙකුත් වියදම් ඊට ඇතුළත් නැහැ. ඒ තරම් දරුණු මට්ටමක රාජ්‍ය මූල්‍ය තත්ත්වය පවතින්නේ.
මේ පසුබිම උඩ තමයි අපි ආදායම වැඩි කරගන්න සහ විදයදම් අඩු කරගන්න රාජ්‍ය මූල්‍ය අංශයෙ ප්‍රතිසංස්කරණ ඇතිකරලා තියෙන්නෙ.
මට මෙතනදි පෙන්නලා දෙන්න ඕන ආදායම එකවර වැඩි කරගත්තා වගේම වියදම එකවර අඩු කරන්න බෑ. අපිට වැටුප් ගෙවන්න තියනවා. සහ විශ්‍රාම වැටුප් ගෙවන්න තියෙනවා. ඒත් එක්කම මේ අර්බුද වෙලාවෙදි දිළිඳු සහ අවදානම් ඛාණ්ඩය බලැ ගැනීම සඳහා රජයට සෑහෙන ප්‍රමාණයක් මුදල් වියදම් කරන්න වුණා.”