පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
පෞද්ගලික හේතුවක් මත ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
කෙසේ වෙතත් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා බවට පත්වීමේ අපේක්ෂාවෙන් ප්‍රචාරක කටයුතුවල නිරත වන බව මහාචාර්ය ආශු මාරසිංහ පසුගියදා රූපවාහිනී නාලිකාවක විවාදයක් සඳහා එක්වෙමින් ප්‍රකාශ කිරීමත් සමග ඔහුව ජනාධිපතිවරයාගේත් දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබිණි.
ආශු ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් තමන් කිසිම විටෙක පක්ෂ දේශපාලනයට හෝ මොනම ආකරයක දේශපාලනයකටවත් අවතීර්ණ නොවන බව ද මහ බැංකු අධිපති ධූරය දරන්නේ නම් එම වෘත්තිකයා ස්වාධීන පුද්ගලයෙක් විය යුතු වනවා සේම එවැනි අභිලාෂයක් හෝ ඇති පුද්ගලයෙක් එම තනතුරට පත් නොවිය යුතු බව ද ආචාර්ය නන්දලාල් වීරසිංහ අවධාරණය කළේය.
මහාචාර්ය ආශු ගේ එම ප්‍රකාශය සමග ජනාධිපතිවරයාත් අසීරුවට පත්වූවා සේම ජනාධිපති කාර්ය මණ්ඩලය තුළ ද ඔහු සම්බන්ධව අප්‍රසාදයක් ගොඩනැගුණු බව වාර්තා විය.
බොහෝ විට මේ ඉල්ලා අස්වීම සම්බන්ධව හේතුවේ මුල මේ සිදුවීම විය හැකි බව අභ්‍යන්තර ආරංචි මාර්ග කීවේය.