සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දවස් දෙකකට රට ඇරීම නැති ප්‍රශ්න ගෙට ගැනීමක්! – වෛද්‍ය සංගමය යළිත් ජනපතිට ලියයි

by Lanka Sara Editor
ජූනි 20, 2021
in පුවත්
doctors
Share on FacebookShare on Twitter

ලබන 23 වැනිදා සිට 25 වැනිදා දක්වා රට තුළ සංචරණ සීමා ලිහිල් කිරීමෙන් යළිත් අප්‍රේල් මාසයේ තිබූ තත්ත්වයට කොවිඩ් වසංගතය උත්සන්න විය හැකි බවට අනතුරු අඟවමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා තිබේ.

සිය ලිපිය මඟින් ඔවුන් විමසා ඇත්තේ ලබන 23 වැනිදා සිට වනදා සිට 25 වනදා දක්වා සංචාරක සීමා ලිහිල් කිරීම කවර පදනමක් මත සිදු කළේ ද යන්නයි.

පසුගිය 11 වැනි දා රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන, ලබන 28 වෙනිදා දක්වා රට පුරා දැඩි සංචරණ සීමා පනවන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි පසුබිමක් තුළ මේ අයුරින් සංචරණ සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන් කනස්සල්ලට පත්ව සිටින බව ද වෛද්‍ය සංගමය ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන්ය.

මේ වන විටත් දෛනිකව කොවිඩ් ආසාදිතයන් 2000කට වඩා වාර්තා වෙමින් සහ දිනකට කොවිඩ් මරණ සාමාන්‍යයෙන් 50ක් පමණ වාර්තා වන පසුබිමක් තුළ මෙන්ම, ඉතා වේගයෙන් පැතිරෙන ඩෙල්ටා ප්‍රභේදය මෙරට ප්‍රජාව අතර සම්ප්‍රේෂණය වී ඇති විටෙක මෙවැනි තීරණයක් ගැනීම කිසිසේත් සුදුසු නොවන බව වෛද්‍ය සංගමය සඳහන් කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම ලිපිය මගින් වැඩිදුරටත් ඔවුන් අවධාරණය කර ඇත්තේ මෙලෙස සංචරණ සීමා දින කිහිපයකට වුවද ඉවත් කිරීම, ජනතාවගේ සංචරණය සීමාවක් රහිතව සහ කිසිදු පාලනයකින් තොරව වීමේ වැඩි ඉඩක් පවතින අතර එම තත්ත්වය තුළ වේගයෙන් පැතිරෙන නව ප්‍රභේද තවදුරටත් පැතිරීමේ හැකියාව ඇති බවයි.

ඒ තුළ කොවිඩ් වසංගතය පෙර නොවූ විරූ මට්ටමකින් වැඩි විය හැකි බවත් එය මෙරට සෞඛ්‍ය දේහයට දරාගත නොහැකි තත්වයක් උද්ගත වනු ඇති බවත් වෛද්‍ය සංගමය පෙන්වා දෙයි.

මෙතෙක් සිදුකළ සංචරණ සීමාවල ප්‍රතිඵලය ද එයින් ලබා ගත නොහැකි වන තත්ත්වයක් ඇතිවිය හැකි බවට ඔවුහු අනතුරු අඟවති.

දැනට රෝගය වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශවල සහ පැතිරෙන ආකාරය අනුව විවිධ වෙනස්කම් පවතින අතර මෙම සංචරණ සීමා ලිහිල් කිරීම ද යම්කිසි ක්‍රමවේදයකට සිදුවිය යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අදහසයි.

එහිදී ඉතා සුපරික්ෂාකාරී ලෙස දිස්ත්‍රික් මට්ටමින් පවතින සත්‍ය දත්ත මත සුදු කළ යුතු බව පවසන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය එය කිසිසේත් රටක් ලෙස එකවර සංචරණ සීමා නිදහස් කිරීම නුසුදුසු බව ජනාධිපතිවරයා වෙත අවධාරණය කොට තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයත් ඒ හා සම්බන්ධ අන්තර් වෛද්‍ය විද්‍යායතන කමිටුවත් මේ වන විට සංචරණ සීමා තත්ත්වයෙන් නිදහස් වීමේ ක්‍රමවේදයක් සකස් කරමින් පවතින අතර එය ඉදිරි සතියේ දී රජය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

එයින්ද ඔවුන් යෝජනා කොට ඇත්තේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ විශේෂඥයන් නියෝජනය කරන කමිටු දිස්ත්‍රික් මට්ටමින් ස්ථාපනය කොට ඔවුන් හරහා දත්ත විශ්ලේෂණය කොට මෙම සංසරණ සීමා ලිහිල් කිරීමට කටයුතු කිරීමට එම ක්‍රමෝපාය තුළින් සැලසුම්කර ඇති බව වෛද්‍ය සංගමය පෙන්වා දෙයි.

එබැවින් මේ තීරණාත්මක මොහොතේ දැනට පවතින සංචරණ සීමා බාධාවකින් තොරව, නිර්දේශිත දින ගණන දක්වා තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයා වෙත අවධාරණය කර සිටී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊයේ දිනය තුළ පමණක් කොවිඩ් මරණ 54යි… අද වාර්තාකළ ආසාදිතයන් 2169යි..

Next Post

මියගිය තවත් තල්මසෙක් මන්නාරම් වෙරළට ගොඩගසයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.