අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ පාලකයාට පාලනය අත්හැරීමට සිදුවූ ප්‍රශ්නය එතැනමයි… අනාගතය මීට වඩා බරපතල වෙයි… කතානායක

කතානායක ඇත්ත ප්‍රශ්නය කතා කරයි...

by editor
සැප්තැම්බර් 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද  –

රටේ පාලකයාට පාලනය අත්හැර යෑමට සිදුවූ තරම්  බරපතල තත්ත්වයට රට පත්වුනු හේතුව තවමත් එසේම පවතින බවත් මේ සිදුවී ඇත්තේ ගැටලුව තාවකාලිකව යටපත්වීමක් බැවින් අද පවතින තත්ත්වට වඩා බෙහෙවින්ම බරපතල තත්ත්වයක් අනාගතයේ දී ඇතිවීමට ඉඩකඩ තිබෙන බවත්  ශ්‍රී ලංකා  පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන  පවසයි.

මෙම තත්ත්ව පාලනය  කිරීමට බැරි මට්ටමකට රට පත්වුවහොත්  මහා සංඝරත්නයට මෙන්ම රජයටද  කිරීමට දෙයක් නොමැති බවත්  එම නිසා  එතනට රට පත්වීමට ඉඩ නොදී රට රැකගැනීම සියලුදෙනාගේ   යුතුකම හා වගකීම බවත්   කථානායකවරයා කියයි.

ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ  ගාල්ලේ පැවති ආගමික උත්සවයකට එක්වෙමිනි. මෙම උත්සවය ගාල්ල තවලම හබරකඩ ශ්‍රි විජයානන්ද පිරිවේනේ දී පැවැත්විණි.

ගාල්ල හබරකඩ ශ්‍රි විජයානන්ද පිරිවෙන්  කෘත්‍යාධිකාරි විශ්‍රාමලත් විදුහල්පති එප්පල සෝරත නාහිමියන්ට  ගාල්ල මාතර දෙපළාතේ  අධිකරණ සංඝනායක පදවිය පිරිනැමීමේ අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්  කථානායකවරයා  මෙසේ ද කිවේය.

‘‘රටේ පාලකයා  රටේ  පාලනය අත්හැරලා යනවා කියලා කියන්නේ මොනතරම්  තත්ත්වයක් රටේ තියෙනවා කියලා  ඔබවහන්සේලා  හිතනවාද?.  තමන්ගේ පාලනය අත්හැරලා කාටවත් දැනෙන්නේ දෙන්නේ නැතිව  හිටපු ගමන් ගිය විට මොනතරම්  ප්‍රශ්නයක් ගැටලුවක්  පීඩනයක් රටේ තියෙන්න ඇද්ද… ඒ පීඩනය ගැටලුව නැතිවුනේ නැහැ.  ඒක තියෙනවා. තාවකාලිකව යටපත් වීමක් තමයි තියෙන්නේ. පොඩිසමනයක් වෙලා තියෙනවා‘‘.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

‘‘මේ අවස්ථාවේ විහාරස්ථාන ඇතුළු  සියලු දෙනාට විදුලිබිල තුන්ගුණයකින් පමණ වැඩිවෙලා තියෙනවා. මේක දරන්න පුළුවන් බරක් නෙවෙයි. වතුර බිලත් තුන්ගුණයකින් වැඩිවෙලා. විශාල වියදමක් දැරීමට සිදුවෙලා තියෙනවා.  බොහොම කල්පනාවෙන් විදුලිබිල හා ජලබිල පිරිමහගෙන පාවිච්කිරිමට සිදුවෙලා  තියෙනවා. “

“නමුත් මේ අවස්ථාවේ විහාරස්ථානවලට එක කරන්න බැහැ. විහාරස්ථාන පොදු  ස්ථානයන්. විහාරස්ථාන කළුවරේ තියන්න බැහැ. යම්කිසි සහනයක් විහාරස්ථානවලට ලැබිය යුතුයි කියලා මා විශ්වාස කරනවා. ඉදිරියේ දි ජනාධිපතිතුමා අගමැතිතුමා, විදුලිබල ඇමතිතුමා  සමග කථාබහකරලා විහාරස්ථාන සදහා සහනයක් ලබාදීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.“ යැයිද කථානායකවරයා සදහන් කළේය.

මුගුණවිල අනුරුද්ධ, දිඹුල්කුඹුරේ විමලධම්ම යන නාහිමිවරුන්ද  අනුශාසනාවන් පවත්වනු ලැබූහ.

මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් සම්බන්දිකරණ කමිටුවේ සභාපති සම්පත් අතුකෝරල, හිටපු ඇමති පියසේන ගමගේ  ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිඹුලාගල ආදිවාසි මත් ද්‍රව්‍ය ජාවරම්කාරියන් හොයන්න පොලිස් මෙහෙයුමක්…

Next Post

තැන තැන දිරන බැසිල්ගේ හාල් මෝල්… විජයබාපුර මෝල අවුරුදු 09ක් තිස්සේ වී ඇටයක් කොටලා නෑ…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.