ශ්‍රියානි විජේසිංහ –
වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් උග්‍ර මන්දපෝෂණයට ලක්ව ඇති දරුවන්ගේ සංඛ්‍යාව 18420 ක් බව හඳුනාගෙන ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කරයි.
මින් වැඩිම දරුවන්ගේ පොලොන්නරුවෙන් හා ගාල්ලෙන් වාර්තා වන බව පවුල් කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කෞශල්‍යා කස්තුරිආරච්චි කියයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල්, උඩවලව සහ ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුන හැරුණු කොට දිවයිනේ අනෙකුත් සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 353න් වයස අවුරුදු 5ට අඩු දරුවන් 1363 743කගේ බර හා උස මැනබැලීමෙන් අනතුරුව මෙම තොරතුරු අනාවරණය වූ බව ඇය සදහන් කළාය
මේ හැරුණු විට මන්දපෝෂණයේ මුල් අවස්ථාව හෙවත් බර නිසි පරිදි වැඩිනොවන අවස්ථාවේ පසුවන දරුවන්ගේ ප්‍රතිශතය සියයට 24.3ක් යැයිද මෙහි වැඩිම ප්‍රතිශතය අම්පාර දිස්ත්‍රික්‌කයෙන් හඳුනා ගෙනඇති බවද ඇය පෙන්වා දුන්නාය.
දරුවන්ගේ උස බර කිරීමේ වැඩපිළිවෙළට අනුව ග්‍රාමීය, නාගරික හා වතු ආශ්‍රිත ප්‍රදේශවල සෑම දරුවෙකුගේම බර අඩුවීමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බවත් නාගරික ප්‍රදේශවල මෙය ඉහළ අගයක් ගන්නා බවත් විශේෂඥවරිය සඳහන් කළාය.