ශ්‍රියානි විජේසිංහ –
“සමානාත්මතාවය සුරකිමු” යන්න තේමාව යටතේ අද (1) ලෝක ඒඩ්ස් දිනය සමරනු ලබයි.
වසර 2030දී ලෝකයෙන් ඒඩ්ස් තුරන් කිරීමේ ඇමුණ ඇතිව කටයුතු කිරීමට සියලුම රටවල් එකඟවී ඇතැයි එච්අයිවී ඒ්ඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි සඳහන් කළාය.
වසර 1986 සිට මේ දක්වා කාලය තුළ ලංකාවෙන් ඒඩ්ස් රෝගින් 4600ක් සොයාගෙන ඇති අතර ඉන් 1400ක් මිය ගොස් ඇත.
එච්අයිවී සමග ජීවත්වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2900කි.
මේ වසරේ පළමු මාස 09 අවසන්වන විට එච්අයිවී ආසාදිතයින් 429ක් හඳුනාගෙන ඇති අතර මින් වැඩිම ප්‍රමාණ්‍ය පිරිමි පුද්ගලයින් බවයැයි ඇය පෙන්වාදේ.
වයිරසය ආසාදනය වන ආකාරය කාන්තාවන් එක් අයෙකුට පිරිමින් 7 දෙනෙකු වශයෙන් බව හඳුනාගෙන ඇත.
කෙසේ නමුත් මේ වන විට පාසල් සිසුන්ද රෝගයට ගොදුරුවීමේ වැඩි සම්භාවිතාවක් තිබෙන බැවින් පාසල් තුළ ලිංගික අධ්‍යාපනය ලබා දීම කඩිනමින් ආරම්භ කරන බවද විශේෂඥවරිය කීවාය.