අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ ක්‍රිකට් තහනම් කර  රටක් පාවා දී තමන් රැකෙන පුද්ගලයින් ගැන පූර්ණ පරීක්ෂණයක් කරන්න… අර්ජුණ ජනපතිගෙන් ඉල්ලන්න යයි!

by editor
නොවැම්බර් 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ක්‍රිකට්වලට මේ විනාශය කළ අපරාධකරුවන්ට දඬුවම් කිරීම සදහා අතින් වියදම් කරගෙන උසාවි යෑමට තමන් තීරණය කළ බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග අද ප්‍රකාශ කළේය.

රටක් පාවා දී තමන් ආරක්ෂා වීමේ ක්‍රමවේදයක් ඇතිකරනවා නම් ජනාධිපතිවරයා ඒ සම්බන්ධව දැඩි තීන්දුවක් ගත යුතු බව ද කී අර්ජුණ ශ්‍රී ලංකාවට අයි.සී.සී. තහනම වැටුණු ආකාරය පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස හෙට (13) ජනාධිපතිවරයාගෙන්  ඉල්ලිමට බලාපොරොත්තු වන බව පැවසුවේය.

ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අර්ජුණ රණතුංග සිදුකළ ප්‍රකාශය අද දෙරණ පුවත් සේවය මෙසේ වාර්තා කර තිබිණි.

“කොහොමද මේ තත්ත්වයට අපිට මුහුණදෙන්න සිද්ද්වුණේ. කවුද මේක යට ඉන්නේ . එව්වා තමයි අපි හොයන්න ඕනේ. රටක් පාවාදීලා තමන්ව ආරක්ෂා වෙන ක්‍රමවේදයක් ඇතිකරනවා නම් ජනාධිපති දැඩි තීරණ ගන්න ඕනේ. මේ ගැන පූර්ණ පරීක්ෂණයක් කරන්න කියලා මම ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලනවා හෙට. මම එතුමන්ගෙන් ඉල්ලනවා මේක තහනම් වෙන්න කවුද අඩිතාලම දැම්මේ, රට ගිහින් දුන්නු ස්ටේට්මන්ට් මොනවා ද ? එහෙම කරලා අපේ රටේ ක්‍රිකට් එක විනාශ කරන්න හැදුවේ කවුද ? ඒ පුද්ගලයින්ට මොනවගේ ද දඬුවම් දෙන්නේ. ? “

“මම අද තීරණය කරගෙන ඉන්නේ ක්‍රිකට් අපි හදනවා. අපි යමු උසාවි. අතින් වියදම් කරගෙන යනවා උසාවි. කවදාහරි මේ රටේ මිනිස්සුන්ට තේරේවි අපි මේකට අතගහන්න හදන්නේ ඇයි කියන එක. “

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

“අපේ ක්‍රීඩකයෝ 80 දෙනෙක් ඉන්නේ පිටරට. මේ හොඳම ක්‍රීඩකයෝ ටික. ඇයි ඒගොල්ලෝ යන්නේ, මේ රටට ආදරේ නැතිකමට නෙවෙයි නේ. ඒගොල්ලොන්ට අපි අවස්ථාවක් දීලා තියෙනවාද. මට ක්‍රීඩකයෝ 8 දෙනෙක් කතාකරලා කිව්වා අයියේ අපි කරලා දෙන්නම් කිව්වා සල්ලිත් එපා කිව්වා. අපි ගෙවනවා ඩොලර්වලින් පිටරට පුහුණුකරුවන්ට. කරන දේකුත් නෑ, දැන් පෙන්වා නේ, ඒගොල්ලෝ තමයි හොඳටම කරලා තියෙන්නේ.”

“ඔය කතාකරන ක්‍රිකට් පරිපාලනය තමයි හොඳටම කරලා තියෙන්නේ. අපි ඊයෙත් දැක්කා. මම ක්‍රීඩකයින්ට මුකුත් කියන්නේ නෑ. මේ දරුවෝ ටික හදාගන්න ඕන. මට තිබුණා එක චෝදනාවක් කැප්ටන් කරනකොට මම සැරයි කියලා, ඔව් මම සැරයි. අපි රට නියෝජනය කරනකොට අපි දැනගන්න ඕන මිලියන 22ක් අපි නියෝජනය කරනවා කියලා. එතකොට අපිට වගකීමක් තියෙනවා. “

“ඒ දවස්වල රෑ 10න් පස්සේ කාටවත් එළියේ ඉන්න බෑ. කාමරෙන් එළියේ ඉන්නත් බෑ. අහුවුණොත් ගෙදර එවනවා. මොකද විනය කියන එක තමයි අපේ රටේ නැතිවුණේ පහුගිය කාලේ . මේක හදන්න ඕන ජාතික කණ්ඩායමට ආවම නෙවෙයි, චූටි දරුවාගේ ඉඳලා. ඒක හදන්න ඕන අම්මා තාත්තා, පාසලේ පුහුණුකරුවා. සනත්, වාස්, මුරලි, දුලිප් ඔය සියලුම දෙනා හැදුනේ ඒ ක්‍රමවේදයකින්.”

“රොෂාන් ඇමතිතුමා මට කතාකරලා කිව්වා අයියේ මට ක්‍රිකට් ටික හදලා දෙන්න කියලා. මම කිව්වා මම ක්‍රිකට් පැත්ත බලන්නම්. තව කණ්ඩායමක් හදලා පරිපාලනය පැත්ත බලන්න. මම මේ රටේ ක්‍රිකට් 96 තිබ්බ ගාණට මම ගෙනල්ලා දෙන්නම්. මම ඒ වගකීම ගන්නම් කිව්වා.”

“මම සහ අනිත් නිලධාරීන් ගිහිල්ලා අපි හැදුවා කොයි විදියට ද ඉක්මනට මේක වෙනස් කරන්න ඕන කියලා. හැබැයි ඒ සැලසුම් ටික මට ගෙදර අරගෙන යන්න සිද්ධවුණා. මට මේකට අතගහගෙන මැරෙන්න යන්න ඕන නෑ. හැබැයි මේ රටේ ක්‍රිකට් විනාශ කරන්න මූලික වශයෙන් මේ රටේ ක්‍රිකට් පරිපාලනය වගකියන්න ඕන. ඒ ගොල්ලෝ කරලා තියෙන දේ මම කියන්න ඕන නෑ. විගණකාධිපතිතුමාගේ වාර්තාවේ තියෙනවා මොනවගේ විනාශයක් ද කරලා තියෙන්නේ කියලා.”

“ක්‍රීඩා අමාත්‍යවරයා හොරකම නවත්වන්න හදනකොට පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ බේදයක් නැතුව. ආණ්ඩුව විපක්ෂය එක තැනකට ආවා. මේ රටේ යුද්ධයක් පැවති කාලයේ එක දවසකට හරි ඒක නැවැත්තුවේ 96දී අපි 11ක් ක්‍රීඩා කරන හින්දා. ඒ රට වෙනුවෙන් ක්‍රීඩා කරන නිසා. ඒක අර්ජුන රණතුංගගේ ටීම් එකවත් අර්ජුන රණතුංගගේ ක්‍රිකට් පරිපාලනය වත් නෙවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එක සෙල්ලම් කරනකොට LTTEය යුද්ධය නවත්වලා ක්‍රිකට් තරගය බැලුවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැටුණු වෙලාවට පන්න පන්න ගහන්න එපා… රටෙන් සමාව අයදමින් කුසල් ඉල්ලා සිටී…

Next Post

ක්‍රිකට්වලින් තැලුණු තැන්වල තලතෙල් ටිකක් ගාගෙන ලෑස්ති වෙන්න… හෙට අය-වැය!

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.