අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රිකට්වලින් තැලුණු තැන්වල තලතෙල් ටිකක් ගාගෙන ලෑස්ති වෙන්න… හෙට අය-වැය!

by editor
නොවැම්බර් 12, 2023
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

ජාලිය වීරක්කොඩි –

රට ක්‍රිකට් වේදනාවේ කරවටක් ගිල්වා නිර්වින්දනය කර තිබේ.  අයවැයට පෙර දෙදිනම වෙන් කෙරුණේ මිනිස්සුන්ගේ හැඟීම් යළි  යළිත් තෙරපමින් රටටත් ක්‍රිකට්වලටත් ඵලදායී නොවන යෝජනාවක් වෙනුවෙනි. එදින විවාදයට ගැනීම තිබුණු මුදල් පනතක් විවාදයට ලක් වූයේ නැතිව සම්මත කරගනු ලැබුවේය. මේ පනතේ තිබුණේ මොනවාදැයි රට දන්නේ නැත. 

ඉන්දියාවට ලකුණු 55කට දැවී ගිය පසුත් ලකුණු 50කට දැවි ගියදා සේම පාර්ලිමේන්තුව විවාද කළේය. කතානායකතුමා මීට පෙර කියා තිබුණේ පාර්ලිමේන්තුව රැස්වන දිනක විනාඩියක වියදම රුපිලයල් ලක්ෂයක් බවය. අගමැති දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුව රැස්වන එක දිනය වියදම දෙකෝටි පනස් පන් ලක්ෂයක් බව පැවසුවේය.  අයවැට පෙර දෙදින පැවැත්වූ විවාදයේ වියදම කෝටි 5කි. නැවතුනේ දූෂිතයන් අයි.සී.සී.ය ට ගොස් ක්‍රිකට් තහනම් කිරීමෙනි.

රටේ ප්‍රශ්න එතැනමය. මිනිස්සු මිලියන ගණනක් අද රෑත් බඩගින්නේ සිටිති.  ඖෂධ නැතිව සිදුවන නොනිල මරණ සෑම ගමකින්ම ඇසෙමින් ඇත.  කාන්තාවන් සහ දරුවන් ලක්ෂ 09ක් මන්දපෝෂණ අවදානමෙන් පෙළෙන බව සෞඛ්‍ය ඇමති පාර්ලිමේන්තුවට කීවේ මාස තුනකට කලිනි.  සෞඛ්‍ය අමාත්‍යාංශය මීට සතියකට පෙර නිවේදනයක් නිකුත් කරමින් වසය අවුරුදු 12-13  අතර දරුවන්  බහුලව පාසල් හැර යමින් ජීවත් වීම සඳහා සුළු රැකියා කරන බව වාර්තා කර තිබිණි. මේ ප්‍රවණතාවය වැඩිවී ඇත්තේ කොළඹ නාගරික පරිසරය තුළය.  අප ඉන්නේ එවැනි රටකය.

විදේශ ණයවලින් හොරකම් කරන, ව්‍යාපෘතිවලින් හොරකම් කරන, ආයෝජනවලින් පමණක් නොව, බෙහෙත් පෙත්තෙනුත් හොරකම් කරන කාලකණ්නිගෙන්  සමන්විත පාර්ලිමේන්තුවක්  තවත් දූෂිතයන් පිරිසක්  ගැන වද වෙති.  ඒ දූෂිතයන්ට යන්න කියා යෝජනා සම්මත කරන මේ දූෂිතයන්ට ඉවත් වන්නැයි කීවේ අවුරුද්දකට පෙර මුළු රටම පාරට බැසීමෙන් අනතුරුවය. එහෙත් ඒ දූෂිතයන් ගියේ නැත.  යෝජනා සම්මත කරගෙන  ඔවුන් යන්නට කියන ක්‍රිකට් දූෂිතයන්ද එසේය. උන් යන්නේත් නැත. රටට වෙන දෙයක් නැත.

දරුවෙකුට පෝෂණය සහිත ආහාර වේලක් දෙන්නට, උන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පිරිවැය දැරීමට,  බදු බරින් මිරිකෙමින් අවම ජීවිත තත්ත්වයක් පවත්වා ගැනීමට නොහැකි ජනතාවක් සහිත බඩගින්නෙන් පෙළෙන  රටක අය – වැයට දවස් කීපයකට පෙර සිට ක්‍රිකට් ඇටේ තලා හොදට ලුණු මිරිස් දමා සූප්පු කරන්නට දී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉතිහාසය පුරාම දේශපාලනය මිනිසුන් නිර්වින්දනය කිරීම සඳහා නිල සෙව්වේය.  ජාතිය, ආගම, ජාතික ආරක්ෂාව, පිළිබඳ නිල පිරිමැද්දේය. ඒ තැන් උත්තේජනය කර නිර්වින්දනය කළ නොහැකි ජාතියක් නිර්වින්දනය කිරීමට අලුත් තැනක් පක්ෂ විපක්ෂ ස්මාර්ට් දේශපාලනය විසින් සොයාගෙන ඇත. ඒ ක්‍රිකට් ය.

මිනිස්සුන්ට හෙට රටේ අය – වැය ද කියාවත් නිනව්වක් නැත. අපට වැටෙන පරිදි ක්‍රිකට් දූෂණ සම්බන්ධ ඇති වූ සම්මුතිය මේ රටේ සමස්ථ දේශපාලන ආර්ථික සමාජ දූෂණයට එරෙහිව ප්‍රතිස්සංකරණයක් සඳහා එක් වරක් හෝ ඇති වී තිබුණානම් අපි බංගලියන්ගෙනුත් හිඟා කන්නට වූ තැනකට වැටෙන්නේ නැත.  මිනිසුන්ගේ ජීවිත වෙනුවෙන් එක් වරක් හෝ එකට එක් වී සාධාරණ තීන්දුවක් ගැනීමට පාර්ලිමේන්තුවට  හැකි වී නම් අද රෑ බඩගින්නේ නිදන පුංචි උන් මිලියන ගණනකට ඒ ඉරණම අත් වන්නේ නැත.

දිනමිණ පුවත්පත  මෙසේ වාර්තා කර තිබේ.

2024 අය වැය වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස හෙට (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දැන්  අය – වැය අවසන් අදියර සකස් කිරීමේ කටයුතු සහ ඉදිරිපත් කිරීම පිළිබඳව එතුමා සැලසුම් සකස් කරමින් හිඳී.

අද පෙරවරුවේ ඒ සඳහා උපදේශක මණ්ඩල එක් වී ඇත.

ජනතාව මුහුණ දෙන කෙටිකාලීන ගැටළු කෙරෙහිත් අවධානය යොමුකරමින් දීර්ඝ කාලීනව රට නගා සිටුවීම පදනම් කරගත් අයවැයක් හෙට (13) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය  මාධ්‍යයට පවසා ඇත.

හෙට දිනයේදී ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබිණි.  අද රාත්‍රියේ දී අය – වැය ලේඛණය මුද්‍රණය වනු ඇත.

මේ රටේ ඇත්තන්ට දැන් කිව යුතු පණිවිඩයක් ඇත. දැන් ඔය ක්‍රිකට් වලින් රිදුනු තැන්වල තල තෙල් ටිකක් හෝ ගාගෙන පිළිවෙළක් වෙන්න… හෙට අයවැය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රටේ ක්‍රිකට් තහනම් කර  රටක් පාවා දී තමන් රැකෙන පුද්ගලයින් ගැන පූර්ණ පරීක්ෂණයක් කරන්න… අර්ජුණ ජනපතිගෙන් ඉල්ලන්න යයි!

Next Post

  අය වැය අද… අය වැය කාලයේ පාර්ලිමේන්තුවේ සැලසුම  කුමක් ද?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.