මෙරට සියලු හීලෑ අලි ඇතුන් හිමියන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවට 29 කැඳවා තිබේ.
ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන ප්‍රදීප් නිලංග දෑලගේ ප්‍රධානත්වයෙන් හීලෑ අලි ඇතුන් හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් පෙරවරු නමයට රැස් වූ එම පිරිස මේ වනවිට රැස්වීම පැවැත්වමින් සිටිති.
මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය සඳහා අලි ඇතුන් ලබාගැනීමත් හීලෑ අලි ඇතුන් රැක බලා ගැනීමේදී ඇත්ගොව්වන් අතින් අලි ඇතුන්ට සිදුවන හිරිහැර සම්බන්ධවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ